මූණු වහගෙන ගෑනු බය කරන භූත කල්ලියක් අකුරැස්ස කලඹයි

  👤  3281 readers have read this article !
By mawbima 2017-07-18

උෟරුබොක්ක -
අතාවුද පතිරණ

අකුරැස්ස පොලිස් වසමේ පෝරුතොට මාළුවරාල ප්‍රදේශයේ කාන්තාවන් පමණක් සිටින නිවෙස්වලට කළු පැහැති මුහුණු ආවරණය කරගෙන රාත්‍රි කාලයේ ගොස් කාන්තාවන් බියගන්වා දේපළ කොල්ල කන කණ්ඩායමක් සැරි සැරීම නිසා එම ප්‍රදේශයේ ජනතාවට මේ දිනවල දැඩි බියකින් රාත්‍රි කාලය ගත කිරීමට සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

එහි ආසන්නම සිදුවීම පසුගිය 12 දින රාත්‍රි මව සහ දුව පමණක් සිටින නිවෙසකට පැමිණ හදිසි කරදරයක් සිදුව ඇති බවට පවසා ‍ෙදාර අරින ලෙස පවසා ඇත. එහෙත් කාන්තාවන් දෙදෙනා ‍ෙදාර විවෘත කර නොමැත. ඊට ටික වේලාවකට පසුව කාන්තාවන් දෙදෙනා වැසිකිළි යෑම ස¼දහා ‍ෙදාර විවෘත කිරීමේදී කළු පැහැති මුහුණු ආවරණය කරගත් දෙදෙනකු ‍ෙදාර අසල සිට පලාගොස් ඇත. එම අවස්ථාවේම කාන්තාවන් දෙදෙනා පොලිස් හදිසි ඇමැතුම් අංක 119ට දැනුම් දීමෙන් පසුව අකුරැස්ස පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සෝදිසි කළත් සැකකටයුතු කිසිවකු හෝ හමුව නොමැත. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට පසුදින අකුරැස්ස පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

පෙරදින රාත්‍රි මුහුණදුන් සිදුවීම නිසා එදින රාත්‍රිය මව සහ දුව නිවෙසේ නොසිට වෙනත් හිතවත් නිවෙසක එදින රාත්‍රිය ගත කර ඇත. පසු දින උදේ සිය නිවෙසට පැමිණ ‍ෙදාර විවෘත කර නිවෙසට ඇතුළු වූ පසුව දැක ගැනීමට ලැබී ඇත්තේ අල්මාරිය කඩා එහි තිබූ වටිනා සියල්ල සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවයි. ඒ අතර රත්රන් බඩු, පාස් පොත් සහ ඇඳුම් පැලඳුම් සොරුන් විසින් පැහැරගෙන ගොස් ඇති බවට නිවැසියන් පැවැසීය. මෙහිදී ඇඳුම් වශයෙන් වැඩිපුර රැගෙන ගොස් ඇත්තේ යට ඇඳුම්ය. පෙර දින දහවල් සෝදා වේළීමට නිවෙස ඇතුළේ වැලක දමා තිබූ යට ඇඳුම් සහ කාන්තාවන් රාත්‍රියට අඳින ඇඳුම් පමණක් රැගෙන ගොස් ඇති බවද ඔවුන් පවසයි.
තමන්ට නිදහසේ බියෙන් සැකයෙන් තොරව සිටීමට හැකි වාතාවරණයක් ඇති කර දෙන ලෙස පෝරුතොට - මාළුවරාල ප්‍රදේශවාසීහු පොලිසියෙන් සහ ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්