නින්ජා කල්ලියක් කළුතර හොල්ලයි

  👤  3176 readers have read this article !
By mawbima 2017-07-18

මතුගම -
වසන්ත කුමාර,
බේරුවල - ඩී. එම්. ගුණසේන,
අලුත්ගම-
කේ. ඩී. පවුලිස්

රාත්‍රි කාලයේ කාන්තාවන්ගේ නිදන කාමරවලට එබිකම් කරන, නිවාසවලට රිංගා නිදා සිටින කතුන් ස්පර්ශ කරන, කාන්තා යට ඇඳුම් හොරකම් කරන, නිවාසවලට ගල් ගහන අමුතුම ආකාරයේ හොර කල්ලියක් නිසා කළුතර, කලමුල්ල අෑතගම ආදී ප්‍රදේශ කීපයක ජනතාව භීතයට පත්ව සිටිති.

දින කීපයක සිට මෙම හොර කල්ලියේ කීපදෙනකු හිස සිට පාදාන්තය තෙක් වැසෙන ඇඳුමින් සැරසී නිවාසවල ජනෙල්වලින් ගෙවල්වලට එබිකම් කර නිදන කාමරවලට රිංගන, නිවාස ඉදිරිපිට සිට දිවයන බවට ජනතාව චෝදනා කරති. මේ පිළිබඳ පසුගියදා පයාගල වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතා කලමුල්ල පල්ලියේ පියතුමා, ග්‍රාම නිලධාරීන්, ගම්වැසියන් සමඟ සාකච්ඡා කර ජංගම මුර සංචාර යෙදීමටද කටයුතු යොදා ඇත.
පාළු නිවාස අසල රැඳී සිට නිවාසවලට රිංගන නින්ජා ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සැරිසරන මෙම කල්ලිය අත්අඩංගුවට ගැනීමට විශේෂ පරීක්ෂණ අරඹා ඇතැයිද පොලිසිය කියයි.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා, කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහත්වරුන්ගේ උපදෙස් අනුව පයාගල පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති සනත් කුමාර මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්