සියලු ආණ්ඩුකාරවරුන්ට මාරුවීම්

  👤  3152 readers have read this article !
By mawbima 2018-03-23

සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක් ඉදිරි දින කීපය තුළ සිදු කිරීමට යන බව වාර්තා වේ.
ජනාධිපතිවරයා පාකිස්තානයට යෑමට පෙර මේ සම්බන්ධයෙන් සියලුම ආණ්ඩුකාරවරුන් කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇති බවද ඒ අනුව මෙම වෙනස් කිරීම් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇති බවද දැන ගැනීමට තිබේ. වාර්තා වන අන්දමට සිදුවන්නට යන්නේ දැනට රාජකාරියේ නියුතු පළාත්වලින් ආණ්ඩුකාරවරුන් වෙනත් පළාත්වලට මාරු කිරීමය.

එක් ආණ්ඩුකාරවරයකුගේ සේවා කාලය අවුරුදු තුනකට පමණක් සීමා වීම මෙම වෙනස් කිරීම්වලට හේතුව වී ඇති බවද දැන ගැනීමට තිබේ.
මේ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය සබරගමුව පළාතට වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මාරුකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඇය මෙම තනතුරට පත්වූයේ 2015 ජනවාරි මස 8 වැනිදායින් පසුව මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති ලෙස ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුවය.
ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ලබන මස 6 වැනි දින සබරගමුව පළාත් සභාවේ වැඩ භාරගැනීමට නියමිත බව වැඩිදුරටත් 'මව්බිම'ට දැනගන්නට ලැබේ.
දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගෙන් 'මව්බිම' කළ විමසුමකට කීවේ 'නෝ කමෙන්ට්ස්' යනුවෙනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon