හමුදා සෙබළකු ඇතුළු 3කට මරණ දඬුවම

  👤  3378 readers have read this article !
By mawbima 2018-03-23

යාපනයේ - සංකානෙයි ප්‍රදේශයේදී හින්දු පූජකවරයකු ඝාතනය කිරීම තවත් අයකුට තුªවාල සිදුකිරීම හා කොල්ලකෑම යන සිද්ධීන් කීපයකට වැරැදිකරුවන් වූ හිටපු යුද හමුදා සෙබළකු ඇතුළු පුද්ගලයන් තුන් දෙනකුට යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන් මහතා ඊයේ (22දා) මරණීය දණ්ඩනය නියම කරන ලදී.
2010 අප්‍රේල් මස 11 වැනිදා යාපනයේ සංකානෙයි හින්දු කෝවිලේ පූජකවරයා වූ එස්. ශිවානන්දන් කුරුක්කල්වරයාගේ නිවෙසට ඇතුළු වී ගිනි අවියකින් වෙඩි තබා කුරුක්කල්වරයා මරා දැමීම, ඔහුගේ පුතණුවන්ට එම ගිනි අවියෙන්ම වෙඩි තබා තුවාල සිදුකිරීම, යතුරුපැදියක් හා මුදලින් රුපියල් 50,000ක් කොල්ලකෑම යන චෝදනා සියල්ලටම විත්තිකරුවන් තුන්දෙනාම වරදකරුවන් බවට පත්විය.

මීනි මැරුම් චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවන් වීම නිසා විත්තිකරුවන් තුන්දෙනාට මරණීය දණ්ඩනය නියම කළ අතර පූජකවරයාගේ පුතණුවන්ට තුවාල සිදු කිරීම හා දේපළ කොල්ලකෑම යන චෝදනාවලට වසර 20 බැගින් වූ සිරද¾ඩුවම් විත්තිකරුවන් තුන්දෙනාටම නියම කරනු ලැබීය.
2010.04.11 වැනි දින මේ සිද්ධියෙන් පසුව පොලිසිය හා යුද හමුදාව විසින් කරන ලද පරීක්ෂණවලට අනුව යුද හමුදා සෙබළකු හා තවත් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් වූ මූලික නඩු විභාගයක් යාපනය දිසා අධිකරණයේදී පැවැත්විණි.

මේ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්වූයේ යාපනයේ පදිංචි කේ. මුහුන්දන් හෙවත් ශක්ති, බාලසුබ්‍රමනියම් ශිවරූබන් යන දෙදෙනා හා යුද හමුදා සෙබළ පේදුරු ගුණසේන යන තුන්දෙනාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon