නාමල්ට ඇමෙරිකාවට ඇතුළුවීමට අවසර නෑට

  👤  2987 readers have read this article !
By mawbima 2018-03-23

පසුගියදා රුසියාවේ පැවැති ජනාධිපති වරණය නිරීක්‍ෂණය සඳහා විදේශීය නිරීක්‍ෂකයකු ලෙස සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ රුසියාවේ සිට ඇමෙරිකාව වෙත ගමන් කිරීමට සූදානම්ව සිට ඇති අතර ඔහුට ඇමෙරිකාවට ඇතුළුවීමට අවසර ලබා දී නොමැත.

ඇමෙරිකානු නිලධාරීන්ගේ දැනුම්දීම මත ගුවන්යානා කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මොස්කව් සිට හුස්ටන් බලා යන ගුවන්යානයට එක්කර නොගත් බව ට්විටර් පණිවුඩයක් මඟින් ඔහු සඳහන් කරයි. එම ගුවන්යානය ඩුබායි හරහා ඇමෙරිකාවට ගමන් කිරීමට නියමිතව තිබී ඇති අතර ඩුබායි සිට ඇමෙරිකාවට ගමන් කිරීමට මන්ත්‍රිවරයාට අවස්ථාව ලබා නොදුන් බව ඔහු සඳහන් කරයි.

ඒ සඳහා හේතු වූ කාරණය කුමක්ද යැයි තමාහට නොදැන්වූ බවත් එය තමාගේ නමෙහි ප්‍රශ්නයක් හේතුවෙන් සිදුවූවක් නොවන බවත් ඔහු ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ විපක්‍ෂ මන්ත්‍රිවරයකු වීම හෝ තමා රුසියාවේ සිට පැමිණීම එයට හේතුව විය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon