ජනරජ දින උළෙලට ජනපති සහභාගි වෙයි

  👤  3104 readers have read this article !
By mawbima 2018-03-23

පකිස්තාන ජනරජ දින උළෙල ඉස්ලාමාබාද් නුවර විශේෂයෙන් නිර්මාණය කරන ලද පීඨිකාවේදී අභිමානවත් ලෙස සැමරීම අද (23දා) දින සිදු කෙරේ.
එම උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වෙයි.
පකිස්තාන අගමැති ෂහීඩ් කාන් අබ්බාස් මහතා විසින් ජනරජ උළෙලට සහභාගි වීමට පැමිණ සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උත්සව භූමියේ ඉදිකර ඇති විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යෑමට නියමිතය.

අනතුරුව එම පීඨිකාව වෙත පැමිණෙන පකිස්තාන ජනාධිපති මම්නුන් හුසේන් මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උත්සව භූමියේ ඇති ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලබයි.

පකිස්තාන ජනාධිපතිවරයා විවෘත රථයක නැඟී හමුදා සම්මාන මුරය පරීක්ෂා කිරීමෙන් පසු ජනරජ දින උළෙල ආරම්භ කෙරේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon