මුතුරාජවෙල නීතිවිරෝධී වැඩ වහාම නවත්වන්න ජනාධිපති නියෝග කරයි

  👤  3294 readers have read this article !
By mawbima 2018-03-23

ඒකල - ප්‍රසංග පාවුළුහේවා

මුතුරාජවෙල තෙත්බිම් අභය භූමියේ සිදු කරනු ලබන නීති විරෝධී ගොඩකිරීම් ඇතුළු සියලු ක්‍රියාකාරකම් වහාම නතර කරන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන පොලිස්පති ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන්ට
ඊයේ (22දා) නියෝග කෙළේය.

ජනාධිපතිවරයා මේ නියෝගය කෙළේ එම අභය භූමියේ සිදුකරගෙන යන නීති විරෝධී ගොඩ කිරීම් හා වන විනාශය දැකබලා ගැනීමට ඊයේ පෙරවරුවේ කළ නිරීක්‍ෂණ චාරිකාවකින් පසුවය.

අභය භුමියේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වූ ජනාධිපතිවරයා උස්වැටකෙයියාව ක්ලබ් හවුස් හිදී ප්‍රදේශයේ පරිසර සංවිධාන, පොලිසිය, රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා ප්‍රදේශයේ දේශපාලන අධිකාරීන් සමඟ සාකච්ඡාවකට එක්විය.

මෙම සාකච්ඡාව ස½දහා එක්ව සිටි මුතුරාජවෙල අභය භූමිය සුරැකීමේ සංවිධානයේ සභාපති අනිල් ජයමහ මහතා පවසා සිටියේ පර්චස් 65,102ක් සඳහා තුන්කෝටි විසිපන් ලක්ෂ පනස් එක් දහසක මුදලක් රාජ්‍ය ආයතනයක් විසින් ව්‍යාපාරිකයකුගෙන් ලබාගත් ආකාරය පිළිබඳ කඩිනම් වාර්තාවක් සිය පාකිස්තාන නිල සංචාරය අවසානයේදී ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි.

ජනාධිපතිතුමා සිය නියෝග නිකුත් කිරීමට පෙර මුතුරාජවෙල අභය භූමිය සුරැකීමේ සංවිධානයේ සාකච්ඡාවට සහභාගි වූ නිලධාරීන් විසින් මල්ටි මීඩියා හා ඡායාරූප ආශ්‍රයෙන් මුතුරාජවෙල අභය භූමියේ සිදුකරනු ලබන නීති විරෝධී මානව ක්‍රියාකාරකම් පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමක් සිදුකර ඇත.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය ජෝන් අමරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන, ෆීලික්ස් පෙරේරා සහ ජෝෂප් මයිකල් පෙරේරා මහත්වරු ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයෝ පිරිසක්ද එක්ව සිටියහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon