ශ්‍රී ලනිප බහුතරයක් පක්ෂව ඡන්දය දෙනවා

  👤  2979 readers have read this article !
By mawbima 2018-03-23

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය භාවිත කිරීමට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන්ගෙන් බහුතරය මේ වන විටත් තීරණය කර ඇතැයි වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා 'මව්බිම'ට පැවැසීය.
ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිප මන්ත්‍රි කණ්ඩායම ඉදිරියේදී රැස්වී මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරන බවත්, ඉන් අනතුරුව සෙසු මන්ත්‍රිවරුන්ගේ සහාය ලබාගැනීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කෙළේය.

ආරම්භයක් ලෙස ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන් කිහිපදෙනකු පමණක් විශ්වාසභංග යෝජනාවට අස්සන් කළ බවත් ඡන්දය විමසන අවස්ථාවේදී සිදුවන දේ දැකබලා ගත හැකි බවත් හෙතෙම පැවැසීය.

ඉන් අනතුරුව නිදහස් පක්‍ෂයේ ප්‍රධානත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවද මුතුහෙට්ටිගම මහතා පෙන්වා දුන්නේය.
ආණ්ඩුව තුළ සිටිමින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අස්සන් කළ පිරිසට ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවන බවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙරේදා (21දා) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon