පුතුගේ හදවත දන් දුන් මාපිය යුවළ ජනපති හමුවෙයි

  👤  112 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (7).jpg (600×350)

මහනුවර _ ගයා ශ්‍රී කාරියවසම්

මෙරට ප්‍රථම වතාවට හදවත් සැත්කමක් සඳහා සිය පුතුගේ හදවත දන් දුන් මාපිය යුවළ ඊයේ (16දා) මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා මුණ ගැසිණි. එම අවයව දන්දීම පිළිබඳව ජනාධිපතිවරයා එම යුවළට තුති පුද කළ අතර ඔවුන් පදිංචිව සිටින ස්ථානයේම නිවෙසක් ඉදිකර දීමට ද ජනාධිපතිවරයා පොරොන්දු වූවේය.

මියගිය තරුණයාගේ පියා වන අයි.ජී. නන්දසේන මහතා සිය බිරි½ද සමඟ ජනාධිපතිවරයා මුණ ගැසුණු මේ අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්