අගමැති රනිල්ගේ උපන් දිනය හෙට

  👤  3217 readers have read this article !
By mawbima 2018-03-23

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 69 වැනි ජන්ම දිනය හෙට (24දා) යෙදී තිබේ. මේ නිමිත්තෙන් දිවයින පුරා බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ආගමික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නියමිතය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආශීර්වාද කරමින් පැවැත්වෙන විශේෂ බෝධි පූජා සහ පහන් පූජා ඇතුළු පින්කම් මාලාවට සමගාමීව අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැලඳුම් සහ පාසල් දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කොට තිබේ.

ආශීර්වාද පිණිස පැවැත්වෙන ප්‍රධාන වැඩසටහන හෙට (24දා) සවස 5.00ට කොළඹ සේදවත්ත පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති අඹන්වෙල ඥානාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි එම විහාරස්ථානයේදී පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon