රනිල් පැරැදුණොත් අලුත් අගමැතිකෙනෙක් නව කැබිනට්ටුවක්

  👤  3764 readers have read this article !
By mawbima 2018-03-23

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වුවහොත් නව අගමැතිවරයකු සමඟ නව කැබිනට් මණ්ඩලයක් තෝරා පත් කර ගත යුතු වේ.

අගමැතිවරයකුට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංගයක් වැඩි ඡන්දයෙන් සම්මත වුවහොත් ඇති විය හැකි තත්ත්වය කුමක්දැයි...'මව්බිම' පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතාගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඉහත තත්ත්වය පෙන්නා දුන්නේය.

එසේම විශ්වාසභංග යෝජනාවකට රහස් ඡන්දයක් ලබාදීමට හැකියාවක් නැති බවද ඉද්දමල්ගොඩ මහතා 'මව්බිම' කළ විමසීමකට පිළිතුරු දෙමින් වැඩිදුරටත් සඳහන් කෙළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon