විශ්වාසභංග විවාදය අප්‍රේල් 4 වැනිදා

  👤  3281 readers have read this article !
By mawbima 2018-03-23

දයා පෙරේරා, පහන් විජේසේකර, ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

චෝදනා දාහතරක් යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ලබන අප්‍රේල් 04 වැනිදා විවාද කිරීමට පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයෝ ඊයේ (22දා) තීරණය කළහ.

කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පක්‍ෂ නායක රැස්වීම ඊයේ දහවල් කතානායක නිල කාමරයේදී පැවැත්විණි.
ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් 51ක් දෙනකු හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රිවරුන් හතර දෙනකු අස්සන් කරන ලද විශ්වාසභංග යෝජනාව කතානායක කරු ජයසූරිය වෙත පෙරේදා (21දා) පස්වරු 2.35ට පමණ භාරදෙනු ලැබීය.

ලබන 04 වැනිදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු වාචික පිළිතුරු අපේක්‍ෂිත ප්‍රශ්න අටකට පිළිතුරු ලබාදීමටත් අනතුරුව දිනට නියමිත කටයුත්ත වශයෙන් විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා පක්‍ෂ නායක රැස්වීමේදී කරන ලද යෝජනාවට ඊට සහභාගි වූ පක්‍ෂ නායකයන් එකඟ වී යැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පැවැසීය. එදින විවාදය අවසානයේ පස්වරු 9.30ට ඡන්දය විමසීමටද තීරණය කර ඇත.
ස්ථාවර නියෝග ප්‍රකාරව සියලු කටයුතු සිදු කළ යුතුව ඇති බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන පක්‍ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව 19 වැනිදා පාර්ලිමේන්තුව විශේෂ දිනයක් වශයෙන් රැස්වීමටද එහිදී තීරණය කළ බවත් අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා මාධ්‍ය හමුවේ පැවැසීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon