118 වැනි ‘රුහුණු නිල් සටන’ අද සිට දින තුනක් මාතරදී

  👤  3178 readers have read this article !
By mawbima 2018-03-23

ඉෂාන් රශ්මිත

"රුහුණු නිල් සටන" ලෙස විරුදාවලී ලද දකුණු පළාතේ පැරණිතම සහ දිවයිනේ තෙවැනි පැරණිතම වාර්ෂික පාසල් ක්‍රිකට් තරගය වන මාතර ශාන්ත තෝමස් සහ ශාන්ත සර්වේෂස් දෙවිදුහල් අතර 118 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (23), හෙට (24) සහ අනිද්දා (25) තෙදින පුරා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙකී වසර 117ක තරග ඉතිහාසය තුළ ශාන්ත තෝමසුවන් තරග 32ක් ජයගෙන වැඩි ගෞරව දිනාගෙන ඇති අතර, ශාන්ත සර්වේෂස් පිල තරග 27ක් ජය ගැනීමට සමත්වී ඇත. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක තිලාන් ලොරෙන්සුහේවාගේ නායකත්වයෙන් යුතුව ශාන්ත සර්වේෂස් පිල පිටියට පිවිසෙන අතර, 2007 වසරෙන් පසුව තරගයක් ජය ගැනීමේ අටියෙන් තරුෂ කාවින්ද්‍යගේ නායකත්වය ඇතිව ශාන්ත තෝමස් පිල සටනට එක්වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon