රත්නපුර කණ්ඩායමේ ශාලිකාගෙන් පන්දුවෙන් දස්කම්

  👤  3121 readers have read this article !
By mawbima 2018-03-23

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරනු ලබන අවුරුදු 23න් පහළ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් තරගාවලියක් පසුගියදා පැවැති අතර, එහිදී රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම කැපී පෙනෙන දස්කම් දක්වා තිබිණි.

බදුල්ලේදී පැවැති මෙම තරගාවලියේදී මොනරාගල දිස්ත්‍රික් කණ්ඩායම විසින් බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කර තිබූ අතර, රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම විසින් මොනරාගල දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කිරීමට සමත්වී තිබේ.

එහිදී රත්නපුර කණ්ඩායමේ ශාලිකා කරුණාරත්න මොනරාගල කණ්ඩායමට එරෙහිව ලකුණු 12කට කඩුලු 6ක්ද, ධනුෂි මල්ෂානි මොනරාගලට එරෙහිව ලකුණු 85ක්ද ලබා ගැනීමට සමත්වීම කැපී පෙනුණි.

අබු රිෂාන් මහතා රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon