නව අධිකරණ පනත ඉවත් කරන්න කියන අය දේශද්‍රෝහී ලේඛනයට ඇතුළත් කළ යුතුයි

  👤  3085 readers have read this article !
By mawbima 2018-03-23

නව අධිකරණ පනතෙහි අඩුපාඩු තිබෙනවා නම් ඒක හදා ගන්නවා හැර එය ඉවත් කර ගන්න කියනවා නම් ඔවුන් දේශද්‍රෝහී ලේඛනයට ඇතුළත් කළ යුතු යැයි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ ප්‍රකාශ කළහ.
උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ දූෂණ විරෝධී පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. රාජගිරියේදී 20දා පැවැති එම මාධ්‍ය හමුවේදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවැසූහ.

නව මහාධිකරණ පිහිටුවනවාට ඒකාබද්ධ විපක්ෂය වැඩියෙන් කලබල වෙලා. දිනේෂ්, විමල් ඇතුළු රාජපක්ෂ රෙජීමයේ සහචරයන් ජනතා දේපළ මංකොල්ල කෑ බව හා හොරකම් කළ අයම දන්නවා. බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසම ක්‍රියාත්මක වූ ආකාරය නිසා අධිකරණයට බලතල දුන්නොත් දූෂිතයන්ට දඬුවම දෙන්න පුළුවන් බවට ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැඟී තිබෙනවා.

දැන් හොරු කියනවා මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියලා. පසුගිය ආණ්ඩුව ඊනියා සංවර්ධනය නමින් කෝටිපතියෝ බවට පත් වුණා. එතකොට මානව හිමිකම් උල්ලංඝනය වුණේ නැද්ද? එතකොට දිනේෂ් ගුණවර්ධනල කොහේද හිටියේ? ඒවා නෑසුණු කන් ඇතුව රාජපක්ෂලාට තිබූ භීතිය නිසා නිහඬව ඉඳලා දැන් මානව හිමිකම් ගැන කතා කරනවා. නීතිය අපක්ෂපාතීව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළට එරෙහි වෙනවා.
දූෂණ, වංචා, අක්‍රමිකතා සොයා බැලීමට, නඩු විභාග කිරීමට අධිකරණ යාන්ත්‍රණයක් හදන්න අපි අවුරුදු 3කට කලින් ඉල්ලුවත් ඒක කළේ නැහැ. පළාත් පාලන මැතිවරණ පාඩම ඉගෙන ගැනීමෙන් පසුව හෝ පසුගිය ආණ්ඩුව කාලයේ දූෂණ අක්‍රමිකතා සොයා බලන්න පුළුවන් පනතක් පහුවෙලා හෝ ඉදිරිපත් කිරීම ජයග්‍රහණයක් හැටියටයි අපි දකින්නේ.

ත්‍රිපුද්ගල මහාධිකරණ 3ක් පිහිටුවීම මේ පනතේ අභිලාෂයයි. සොරකම, දේපළ වංක පරිහරණය හා සඟවා තබා ගැනීම, කූට ලේඛන සකස් කිරීම, මුදල් විශුද්ධිකරණය, මන්ත්‍රිවරුන් විසින් මුදල් වංචා කිරීම ආදී නඩු මේ අධිකරණයේදී විභාග කිරීමට නියමිතයි. දිනපතා නඩු විභාග කිරීම මේ ත්‍රිපුද්ගල මහාධිකරණවල විශේෂත්වයයි. චූදිතයන්ගේ පැත්තෙන් නීතිඥයන් ඉදිරිපත් වුවත් නැතත් අඛණ්ඩව නඩු විභාග කරනවා.

මේ නව අධිකරණ පනත ශේ්‍රෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කර තිබෙනවා. ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා වැනි අය මේ මඟින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට කරුණු දක්වා තිබෙනවා. ඒත් නීතිඥ සංගමය ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවනවාට විරුද්ධ නැති වුවත් නඩු පැවැරීමේ බලය නීතිපතිටත් අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂවරයාටත් පැවැරීමටයි ඔහු විරුද්ධ වී තිබෙන්නේ.
මීට පෙර නීතිපති දැනුම් දුන්නොත් නඩු පැවැරීමට අවශ්‍ය බව අගවිනිසුරු ඒ ගැන තීරණය කරනවා. නව පනතින් නඩු පැවැරීමේ බලය සෘජුව නීතිපතිටත්, අල්ලස් කොමිසමටත් ලබා දීමටයි නීතිඥ සංගමය විරුද්ධ වී සිටින්නේ.

ජනවරමට යුක්තිය ඉටු කරන්න අධිකරණය සමත් නොවනවා නම් ඒ අධිකරණය ගැන නැවත හිතන්න ඕන. ආණ්ඩුවෙන් අධිකරණය ඇතුළු සමස්ත රාජ්‍ය සේවයටම නිදහස ලබා දුන්නා. ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට තම බලය ලබා දුන්නා. විනිසුරුවරු පත් කරන්න ජනාධිපතිට බැහැ. දැන් අධිකරණය ස්වාධීන වුවත් උසාවිය නිහඬයි. යුක්තිය ප්‍රමාදයි කියලා ජනතාව අසහනයට පත් වෙලා.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon