එජාපයට දෙන සහාය යළි සලකා බලන්න වෙනවා

  👤  3145 readers have read this article !
By mawbima 2018-03-23

රාගල - තිලක් ද සිල්වා

එක්සත් ජාතික පක්ෂයට දෙන සහාය ගැන නැවත සලකා බැලීමට සිදුවන බව කඳුරට ජනතා පෙරමුණේ නායක අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධ ක්‍රිෂ්ණන් මහතා පවසයි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී කඳුරට ජනතා පෙරමුණෙන් තේරී පත්වූ සභිකයන් 31 දෙනකු දිවුරුම් දීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අපි මේ පාර මන්ත්‍රි ධුර 31ක් දිනා ගත්තට අපේ පක්ෂයේ පරිපාලන නිලධාරි අජිත් කුමාර්ගේ නම අපි ලැයිස්තුවෙන් ඉදිරිපත් කරලා තිබුණා. එය කපලා. කපලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. ඒ ගැන අපේ කනගාටුව මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම දිගම්බරම් ඇමැතිතුමාගේ ආගරපතන ප්‍රාදේශීය සභා නියෝජිතයගේ නමත් කපලා. අපිට පොරොන්දු වෙලා එකඟ වෙලා ලැයිස්තුව ඉදිරිපත් කළාට පස්සේ කපන එක වැරැදියි. ඒකට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපි වැරැදි කියන්නේ නැහැ. එහෙත් පක්ෂයේ සිටින අනික් නිලධාරීන් ඒ වගේම මේ පළාතේ සිටින කණ්ඩායම් නායකයෝ, පළාතේ ඉන්න නායකයෝ මෙහෙම කරලා තියෙන්නේ. මේකෙන් නැති වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නම්බුව. ඒ වගේම අපිට මෙහෙම කරනවා නම් අපිට එක්සත් ජාතික පක්ෂයට දෙන සහාය ගැන නැවත සලකා බලන්න වෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී මේ උත්සවය සංවිධානය කොට තිබිණි. කඳුරට ජනතා පෙරමුණේ මහ ලේකම් ඒ.ලෝරන්ස් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon