තාත්තාකරන උපවාසය තවදුරටත්

  👤  2916 readers have read this article !
By mawbima 2018-03-23

හික්කඩුව - සංජීව මාණික්කුවාවඩු

බළපිටිය ප්‍රාදේශීය සභාව ස¼දහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කොට වැඩි ඡන්ද ලැබූ තම පුතණුවන්ට මන්ත්‍රි අසුන ලබා නොදීමට එරෙහිව පියා විසින් ආරම්භ කළ මාරාන්තික උපවාසය තුන් වැනි දිනටත් ඊයේ (22දා) පැවැත්විණි.

බළපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයන් අතුරින් වැඩිම ඡන්ද ලැබූ ටී.එම්. ගයාන් ලක්ෂිතගේ පියාණන් වූ වතුගෙදර, ආ¼දා‍ෙදාළ, පන්සල පාර ලිපිනයේ පදිංචි ටී.එම්. සරත් ද සිල්වා මහතා ඉකුත් 20දා පෙ.ව. 10ට ප්‍රාදේශීය සභාව ඉදිරිපිට ඉදිකළ විශේෂ අට්ටාලයක් මත මේ උපවාසය ආරම්භ කළේය.
සිය පියාණන්ගේ උපවාසය සඳහා පුතණ­වන්ද වැඩි ඡන්ද ලබා දෙවැනි තැන ලැබූ දසුන් ගයාන්ද පෙරේදා සිට උපවාසයට එක්ව සිටී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් බළපිටිය ප්‍රාදේශීය සභාව සඳහා මන්ත්‍රි අසුන් තුනක් හිමිවී තිබේ.

කාන්තා නියෝජනය සඳහා එක් මන්ත්‍රි අසුනක් ලබා දී ඇත. එක් අසුනක් ලැයිස්තුවෙන් තරග කළ ආසන සංවිධායක ඒ. දයාරත්න ද සිල්වා මහතා ලබාගෙන ඇති අතර ඡන්ද 205ක් ලබාගෙන ඇති චමිඳු කුමාරට ඉතිරි මන්ත්‍රි අසුන ලබා දී ඇත.
මෙම තෝරා ගැනීම ඉතා අසාධාරණ බව උපවාසයේ යෙදෙන්නෝ පවසති.
උපවාසයේ යෙදී සිටින ටී.එම්. ගයාන් ලක්ෂිත (21) මෙසේ පැවැසීය.

ආසන සංවිධායකතුමා ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ දවසේ ඉඳලම අපට බලාපොරොත්තු දුන්නා. වැඩි ඡන්ද ගත්ත මට දෙනවට කවුරුත් විරුද්ධ නැහැ. ගැසට් පත්‍රය නිකුත් වුණාම තමයි දන්නේ මම පත් වෙලා නැහැ කියලා.

අපේ තාත්තා ව්‍යාපාරිකයෙක්. නැති බැරි අයට උදවු කරන කෙනෙක්. තාත්තා මට කිව්වේ ලැබෙන දීමනා මොනවත් ගන්න එපා කියලා.
අපි අමාරුවෙන් තමයි මැතිවරණ ව්‍යාපාරය කළේ. ජනාධිපති ඇල්පිටියට ආපු වෙලාවේ බස් දෙකක් අරගෙන ගියා.
පියසේන ගමගේ, චන්දිම වීරක්කොඩි, ෂාන් විජයලාල් වැනි මැති ඇමැතිවරු ගෙනැල්ලා වේදිකා ගහලා පසුගිය මැතිවරණයේදී වැඩ කළා.
අපට වූ අසාධාරණය කියන්න කෙනෙක් නැහැ. පක්ෂ මූලස්ථානය කියනවා දිස්ත්‍රික් නායකතුමාට, ප්‍රධාන අමාත්‍යතුමාට කියන්න කියලා. ඒ අය කියනවා සංවිධායකතුමාට කියන්න කියලා.

අතිගරු ජනාධිපතිතුමනි, අපේ හඬට කන් දෙන්න. මගේ තාත්තාගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වෙලා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon