ආණ්ඩුව බටහිර රටවලට ගැති නොවී අනෙක් රටවල් සමඟත් සබඳතා තර කරගන්න ඕනෑ

  👤  3066 readers have read this article !
By mawbima 2018-03-23

ජාත්‍යන්තරයට රට නියෝජනය කරමින් යන විට කුමන පක්ෂයක් නියෝජනය කළත් ඒ රටවල් අපේ රට සමඟ ඇති සම්බන්ධතාව දැඩිව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන නමුත් වර්තමාන ආණ්ඩුව බටහිර රටවලට ගැතිවී එම වගකීමෙන් අෑත්වී සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ රුසියාවේ පැවැති ජනපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුණ මන්ත්‍රිවරයකු ලෙස නිරීක්ෂකයකු ලෙස සහභාගි වෙමිනි.
ආණ්ඩුවට වගකීමක් යුතුකමක් තිබෙනවා බටහිරට පමණක් ගැති නොවී රුසියාව හා ශ්‍රී ලංකාව අතර ඇති සම්බන්ධතාව තවදුරටත් පවත්වාගෙන සිටීමට. ඒ සඳහා පැහැදිලි ප්‍රතිපත්තියක සිටිය යුතු වෙනවා. මොකද වර්තමාන ආණ්ඩුවේ මෙවැනි ප්‍රතිපත්ති අපි නොදකින බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා කියා සිටියේය.
අපි රුසියාවේ ජනතාව සමඟ කතා කළා. එතකොට ඔවුන් කියා සිටියේ රට ආරක්ෂා කරගැනීමට අවශ්‍යයි. ඒ නිසා රට වෙනුවෙන් ඡන්දය භාවිත කරන බවයි.
ඇත්තෙන්ම ස්වාධීන නිරීක්ෂකයකු හැටියට තමයි රුසියාවේ පාර්ලිමේන්තුවෙන් අපිට ආරාධනා කළේ ස්වාධීන නිරීක්ෂකයකු හැටියට සහභාගි වෙන්න කියලා. අපි මොන පක්ෂයක් නියෝජනය කරනවද කියලා ඒ අයට වැදගත් වුණේ නැහැ.

ලංකාව මැතිවරණයේදී මැතිවරණ නීති රීති හොයාගන්න තිබ්බෙත් නෑ. හැමදේම බෙදමින් තමයි ඡන්දය පැවැත්වූයේ. මේ රටවල එහෙම දෙයක් නෑ. එහෙම දේවල් සිද්ධ වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන, ස්වාධීන මැතිවරණ ගැන කතා කරන මැති ඇමැතිවරුන් ඇවිත් මෙම මැතිවරණ ගැන සොයා බැලුවොත් හොඳයි.
රුසියාවේ නායකයන් සහ ජනතාව අතර ලංකාව කෙරෙහි පැහැදිලි ආකර්ෂණයක් ආදරයක් තිබෙනවා. ඔවුන් දකින්නේ ශ්‍රී ලංකාව තමන්ගේ මිතුරෙක් විදියට. තමන්ගේ සාම්ප්‍රදායික මිතුරෙක් විදියට. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ කාලයේදී එය ආරක්ෂා කර ගත්තා. අපි විශ්වාස කරනවා වර්තමාන ආණ්ඩුවත් ඒ යුතුකම ඒ ආකාරයට ආරක්ෂා කරගෙන යයි කියලා ගනුදෙනුවලට පමණක් සීමා කරන්නේ නැතිව.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon