පල්ලේබෝවල - බොක්සිං ශූරිය මධුමාලි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට

  👤  3649 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (36).jpg (600×350)

හඟුරන්කෙත - මා. ආ. සමරසිංහ

"බහමාස්"හි පැවැත්වෙන හයවැනි "පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල" නියෝජනය කිරීමට හඟුරන්කෙත අධ්‍යාපන කලාපයේ පල්ලේබෝවල මහා විද්‍යාලයේ ‍ෙදාළොස්වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන මධුමාලි එරංගා සුදුසුකම් ලබා සිටී. දාහත් හැවිරිදි ශිෂ්‍යාවක් වන මධුමාලි මෙම ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ බොක්සිං ක්‍රීඩිකාවක් ලෙසය. ඇය දෙදහස් දාහතරේ සිට දෙදහස් දාහත දක්වාම ශ්‍රී ලංකාවේ අපරාජිත පාසල් බොක්සිං ක්‍රීඩිකාව ලෙස වාර්තා තබා ඇත. මධුමාලිගේ පුහුණුකරු වන පල්ලේබෝවල මහ විදුහලේ ක්‍රීඩා භාර ආචාර්ය ජමිත ගයන් බණ්ඩාර මහතා 'මව්බිම'ට කියා සිටියේ "ඉතා කෙටි කලකින් පල්ලේ බෝවල මහ විදුහලේ දරු දැරියන් බොක්සිං ක්‍රීඩාව ප්‍රගුණ කොට මෙම වසරේ මධ්‍යම පළාතේ දෙවැනි ස්ථානය ලබාගත් බවයි."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්