එෆ්.සී.අයි.ඩී. එක පිහිටුවා මට පහර ගහන්නේ මා සමඟ එදා එකට සිටි අයයි

  👤  3562 readers have read this article !
By mawbima 2018-03-23

පසුගිය ආණ්ඩු සමයේ තමන් සමඟ එකට සිටි පිරිස් අද වනවිට එෆ්.සී.අයි.ඩී. (ජ්ඛ්ධ්ච්) නමින් ආයතන පිහිටුවා තමාට පහර දෙනවා යැයි හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (21දා) කොළඹ විජේරාමයේ පිහිටි ඒ මහතාගේ නිල නිවෙසේ පැවැති උත්සවයකින් අනතුරුව සභාව අමතමිනි.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ ගාල්ල, මාතර හා බදුල්ල යන ආසනවල නියෝජිතයන් දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමින් එම නියෝජිතයන් ඇමැතූ හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

අවුරුදු දෙකහමාරක් තිස්සේ අක්‍රිය කර දමා තිබූ පළාත් පාලන ආයතන වැඩිම ගණනක කුණු කන්දල් ඉවත් කරන්නට අද අපිට සිදුවෙලා. කොළඹට සිදුවෙලා තියෙන දේ ගැන අද විදේශිකයන් පවා ප්‍රශ්න කරන්නේ අපෙනුයි. ලංකාවේ පැරැණිම පක්ෂ 2ක් අන්ත පරාජයකට පත්කරලා අපේ අලුත් පක්ෂය ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් ඔබලා කළ කැපවීම ගැන අගය කළ යුතුයි. ජනතා විශ්වාසය කඩ නොකරන්නට ඔබ වග බලාගත යුතුයි.

ආණ්ඩුව බලාගෙන ඉන්නේ ඔබලාගෙන් යම් වැරැද්දක් වනතුරුයි. ඔබලාගේ ක්‍රියාකලාපය දිහා ආණ්ඩුව බලාගෙන ඉන්නේ ජ්ඛ්ධ්ච් දාලයි. ඔබලා කිසිදු වරදක් නොකර සේවය කළයුතුයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් පැරැදිලා මම ගෙදර ගිය දවසේ මුලින්ම ඇවිත් මාව හමුවුණේ පළාත් පාලන හා පළාත් සභාවල මන්ත්‍රිවරුනුයි. මගේ ජයග්‍රහණයේදීත් පරාජයේදීත් හැමදාමත් ළඟ හිටියේ ඔවුනුයි.

වසර තුනක් තිස්සේ ආණ්ඩුව හැම පැත්තෙන්ම අපිට ගහනවා. එහෙම කළත් අපි ඒවායින් සැලෙන්නේ නැහැ.
අලුතින් පත් වූ නගරාධිපතිවරුන්ට දැන් ප්‍රදේශයේ කුණු අදින්නට වනවා. අද මොකක්ද කොළඹ නගරයට වෙලා තියෙන්නේ. දවසක් මාව හමුවෙන්න ත්‍රිරෝද රථයකින් ආපු විදේශිකයෙක් කිව්වේ කොළඹ නගරයේ ඇවිදින්න වෙලා තියෙන්නේ නහය වහගෙන කියලායි. අද ආණ්ඩුවේ තියෙන්නේ කඹ ඇදිල්ලක්. රටම අද අරාජික වෙලා.
මොනම අවස්ථාවකදීවත් බෙදෙන්නට එපා. කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්න. කණ්ඩායම් රැස්වීම්වලට පළාත් මන්ත්‍රිවරුන්ව ගෙන්වා ගන්න. ඒ අයගේ උපදෙස් ලබා ගන්න. එහෙම කළේ නැත්නම් ඉදිරියේදී අපිට ප්‍රශ්න මතුවේවි. අද මොකද මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ උදේට කියන දේ නෙවෙයි හවසට කියන්නේ. හවස කියන දේ නෙවෙයි පහුවැනිදා කියන්නේ. මළ ගෙදරකදී මඟුල් ගෙදරකදී තමයි ඔබේ ආයතනය සහ ආණ්ඩුව විවේචනය වෙන්නේ. එහෙම අවස්ථාවලදී තමන්ගේ වාසියට ශේප් න්‍යාය දාන්න එපා. ඒක පිරිහීමේ මූලික ලක්ෂණයක්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon