තැලසීමියා රෝගී හසංග සිඟිති පුතු සුවපත් කර ගැනීමට ඔබේ ආධාරය පතයි

  👤  3301 readers have read this article !
By mawbima 2018-03-23

මීවැල්ලෑව, නිකවැව, පදිංචි අවුරුදු එකහමාරක් වයසැති එස්. ඒ. එම්. එස්. හසංග සේනානායක පුතු මාස හයක පමණ කාලයක සිට තැලසීමියා රෝගී තත්ත්වයෙන් පසුවෙයි.
මේ වන විට කුරුණෑගල රෝහලේ තැලසීමියා ඒකකයෙන් මාස්පතා රුධිරය ලබාදෙමින් හසංගට ප්‍රතිකාර ලබාදෙයි.

හසංගගේ රෝගී තත්ත්වය නිට්ටාවටම සුව කිරීම සඳහා ඇටමිදුලු බද්ධයක් (ඕධදඥ-ර්චපපධඹ බපචදඵනතචදබ) සිදු කළ යුතු බවට වෛද්‍ය ලලින්ද්‍ර ගුණරත්න නිර්දේශ කර ඇති අතර පෞද්ගලික රෝහලක මේ සැත්කම සිදු කිරීම සඳහා රුපියල් ලක්ෂ හැත්තෑ තුනකට අධික මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇත.

මේ තරම් විශාල මුදලක් එකවර සොයා ගැනීම ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේ ජීවත් වන සිඟිති පුතුගේ මවුපියන්ට ඉතා අසීරු කටයුත්තක් බැවින් පරිත්‍යාගශීලීන්ගේ සහාය ප්‍රාර්ථනා කරයි. පරිත්‍යාගශීලී අයෙක් වෙතොත් මහජන බැංකවේ නිකවැරටිය ශාඛාවේ ගිණුම් අංක 124200110056462 යටතේ හසංග අබේසිංහගේ පියා වන සංජීව උපුල් අබේසිංහ මහතාගේ නමින් ආරම්භ කර ඇති ගිණුමට යොමු කරන ලෙස ඉල්ලා සිටී.

වැඩිදුර විස්තර 077-3672279, 077-6067068 යන දුරකතන අංකයන්ගෙන් ලබාගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon