තරුණ ඉසුරු වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට උදවු ඉල්ලයි

  👤  3152 readers have read this article !
By mawbima 2018-03-23

වවුනියාව මහමයිලන්කුලම ග්‍රාමයේ පදිංචි 26 හැවිරිදි ඉසුරු සම්පත් රණතුංග තරුණයා දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙයි. හැකි ඉක්මනින් ඔහුට වකුගඩුවක් බද්ධ කරන ලෙසට වෛද්‍යවරුන් විසින් දැනුම් දී තිබුණද කිසිදු ආර්ථික පහසුකමක් නොමැතිවීමෙන් ඉසුරු සම්පත් තරුණයාගේ මවුපියෝ දැඩි සේ අසරණව සිටිති. ඉසුරු සම්පත් තරුණයාගේ පවුලේ කිසිවකුටත් රැකියාවක් නොමැත. පියාද වසර 10ක් පුරාවට දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙමින් ප්‍රතිකාර ලබමින් සිටී. ඉසුරුගේ සහෝදරිය මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ඇයගේ ඉගෙනීම් කටයුතු හා පවුලේ සියලු නඩත්තු කටයුතු සිදු කළේ ඉසුරු සම්පත් තරුණයා ඔහුගේ මව සමඟ කුලී වැඩක් හෝ ගොවිතැනක් කරමින් අසීරුවෙන් උපයාගත් මුදලිනි.

වවුනියාව මහ රෝහලෙන් දැනුම් දී ඇත්තේ හැකි ඉක්මනින් ඉසුරුට වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි. කිසිදු ආර්ථික හයියක් නොමැති ඉසුරුට වකුගඩු බද්ධය සඳහා වැය වන මුදල් වෙනුවෙන් පිහිටක් ඔවුන් බලාපොරොත්තුවෙන් සිටියි.

ඉසුරු සම්පත් වෙනුවෙන් පිහිටක් වීමට කැමැති ඔබට දායක විය හැක්කේ වවුනියාව මහජන බැංකු ශාඛාවේ 040-2-001-5-1592417 යන අංක දරන එස්. එස්. රණතුංග නමින් යුත් ගිණුම් අංකයට මුදල් ආධාරයකිනි. දුරකතන අංක - 024-5685683, 071-1477454.

මුලතිව් - ශෂිකුමාර්,
ඕමන්ත - ශේෂලා අමරසිංහ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon