රුපියල් මිලියනයක තෑගි මල්ලක් දෙන එස්.එල්.ටී. පාපැදි සවාරිය මෙවරත්

  👤  3583 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (37).jpg (600×350)

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් පසුගිය වසරේ ආරම්භ කළ එස්.එල්.ටී. ස්පීඩ් අප් සයිකල් සවාරිය මෙවර දෙවැනි වරටත් පැවැත්වීමට මේ වනවිටත් කටයුතු සම්පාදනය කර තිබේ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි තරගය ජූලි 25 වැනිදා කොළඹින් ආරම්භ වී 29දා ඇඹිලිපිටියෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව එහි ජයග්‍රාහකයාට මිලියනයක මුදල් ත්‍යාගයක් හිමිවන අතර, සමස්ත වැඩිම දස්කම් දක්වන කණ්ඩායමට රුපියල් ලක්‍ෂයක්ද පිරිනැමීමට නියමිතය.
මෙයට සමගාමීව පැවැත්වෙන කාන්තා අංශයේ තරගය ජූලි 29 වැනිදා රත්නපුරයෙන් ආරම්භ වී ඇඹිලිපිටියෙන් අවසන් වීමට නියමිතව ඇති අතර, එහි ජයග්‍රාහිකාවට රුපියල් ලක්‍ෂ 2ක මුදලක් පිරිනැමීමට නියමිතව ඇත.

මෙයට අදාළව මාධ්‍ය හමුවක් පසුගියදා පැවැති අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති අමල් හර්ෂ ද සිල්වා මෙන්ම ටෙලිකොම් ආයතනයේ සභාපති පී.ජී.කුමාරසිංහ, ප්‍රධාන විධායක නිලධාරී (සමූහ) දිලීප විජේසුන්දර යන මහත්වරුන්ද එක්ව සිටියහ.

ඡායාරූපය - සජීව චින්තක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්