පුංචි ඡන්දයට ග්‍රාම නිලධාරීන් වියදම් කළ මුදල් තවම ලැබී නෑ

  👤  3079 readers have read this article !
By mawbima 2018-03-22

බොරලන්ද - සමන් නැදුන්ගමුව

පළාත් පාලන මැතිවරණය අවසන් වී දින හතළිහකට ආසන්න කාලයක් මේ වන විට ගතවී ඇතත් මැතිවරණය වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් විසින් දැරූ වියදම් මේ වන තෙක් පියවීමට රජය අපොහොසත් වී ඇති බවත් මේ හේතුවෙන් ග්‍රාම නිලධාරීන් බහුතරයක් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ නව සභාපති ආර්.එම්.ඩී.බී. රත්නායක මහතා පැවසීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති පිළිගැනීමේ උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. රත්නායක මහතා ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ නව සභාපති ධුරයට පත්වීම නිම්ත්තෙන් බණ්ඩාරවෙල ග්‍රාම නිලධාරි සංගමය විසින් මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබිණි.
රත්නායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"දැන් මැතිවරණයත් ඉවර වෙලා දින හතළිහක් ගිහිල්ලා තියෙනවා. නමුත් තාමත් අපේ නිලධාරීන්ට මැතිවරණය සඳහා දැරූ වියදම පියවා ගන්න බැරිවෙලා තියෙනවා. කම්කරු වියදම්, ඩෙස් බංකු ප්‍රවාහනය, විදුලියට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම ආදී වියදම් අපි අතින් මුදල් වියදම් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් එක ග්‍රාම නිලධාරිවරයෙක් රුපියල් පහළොස්දාහේ සිට රුපියල් හතළිස් දාහක් පමණ වන වියදමක් තමන් අතින් දරලා තියෙනවා. මොකද සමහර ග්‍රාම නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් භාරව කටයුතු කළා. අද වෙනකම් මැතිවරණ දෙපාර්තමේන්තුවට බැරිවෙලා තියෙනවා මේ වියදම් පියවා ගන්න ග්‍රාම නිලධාරීන්ට මුදල් දෙන්න"

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon