ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්න ගත් තීන්දුව වැරැදියි

  👤  3270 readers have read this article !
By mawbima 2018-03-22

පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට ගත් තීන්දුව ඉතා බරපතළ හා වැරැදි සහගත තීන්දුවක් බවත් පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල විශ්ලේෂණය කළ කේවට්ටයන් සමාගම්වල වුවමනා වෙනුවෙන් පෙනී සිට කෘෂිකර්ම ඇමැතිවරයාගේ හා තේ කර්මාන්ත ඇමැතිවරයාගේ දේශපාලන වුවමනා පිරිමැසීමට ඉදිරිපත් වී ඇති බවත් ගොවි නායක කවුඩුල්ලේ එම්.කේ. ජයතිස්ස මහතා පවසයි.

රජරට පුරා පැතිර පවතින දරුණු වකුගඩු රෝගය වැලඳීමට හේතුවක් ලෙස ග්ලයිෆොසේට් විස රසායනිකය භාවිතය මීට පෙර සිදු කළ හෙළිවී තිබීම නිසා රජය එම විස රසායනිකය අලෙවිය, භාවිතය හා ගෙන්වීම සපුරා තහනම් කළේය. මේ සඳහා පාරිසරික ගොවිතැන හා වස විසෙන් තොර ගොවිතැන සඳහා ඇප කැපවූ ගොවීහු දැඩි කැපකිරීම් කළහ. අතුරලියේ රතන හිමි ඇතුළු විවිධ සංවිධාන පෙරමුණ ගෙන ක්‍රියා කළහ. එය යළි ආපසු හරවමින් රජය මෙසේ තහනම ඉවත් කිරීමට ගත් තීන්දුව පිළිබඳව අදහස් දක්වමින් ජයතිස්ස ගොවි නායකයා මේ බව පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon