රිදියගම සෆාරි වනෝද්‍යානයට ජපානයෙන් කැන්ගරුවන් 4ක්

  👤  3377 readers have read this article !
By mawbima 2018-03-22

සපුමල් ජයසේන

රිදියගම සෆාරි වනෝද්‍යානයේ විවෘත කිරීමට නියමිතව ඇති ඕස්ට්‍රේලියා කලාපයට ජපානයේ නගෝයා සත්ත්වෝද්‍යානයෙන් කැන්ගරු සතුන් හතර දෙනෙක් ලබාදී තිබේ.
එම කැන්ගරු සතුන් සිවු දෙනා රැගෙන නගෝයා සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ මසාමි කුරුබේ මහතාද පසුගියදා (18දා) දිවයිනට පැමිණි අතර ඔහු විසින් තමන්ට එම සතුන්ව නිල වශයෙන් භාර දෙන ලද බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය 'මව්බිම'ට ඊයේ (21දා) පැවැසුවාය.

රිදියගම සෆාරි වනෝද්‍යානයේ පිහිටුවීමට නියමිත අක්කර 25ක පමණ විශාලත්වයකින් යුත් ඕස්ට්‍රේලියානු කලාපයේ කැන්ගරු, එමූ, වොලබි, කැස්වරි ආදී ඕස්ට්‍රේලියාවේ ජීවත් වන සතුන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් එහි ඉදිකරමින් තිබෙන බවත් ඉදිරි මාස තුන ඇතුළත එම කලාපය නරඹන්නන් සඳහා විවෘත කරන බවත් මල්සිංහ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon