වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රෝගාතුරවූ එල්ටීටීඊ සාමාජිකයා මියගිහින්

  👤  3257 readers have read this article !
By mawbima 2018-03-22

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී රෝගී වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය එල්ටීටීඊ සිරකරුවාගේ දේහය වවුනියාව තෝනිකල් ප්‍රදේශයේදී මිහිදන් කෙරිණි.

ෂන්මුගනාදන් දේවානගන් නමැති 70 හැවිරිදි මොහු 2008 වර්ෂයේදී එල්ටීටීඊ සංවිධානයේ රියැදුරෙක් වශයෙන් සේවය කරමින් සිටියදී ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වූ අතර ඔහුට එරෙහිව ගොනු වී තිබූ එක් නඩුවකදී වසර දෙකක සිරදඬුවමක් නියම වී තිබිණි.
වැලිකඩ බන්ධනාගාරයේදී සිරදඬුවම විඳිමින් සිටියදී රෝගාතුර වී මුලින් වැලිකඩ බන්ධනාගාර රෝහලට ද පසුව කොළඹ ජාතික රෝහලටද ඇතුළත් කිරීමෙන් පසුව මාර්තු මස 15 වැනිදා ඔහු මියගොස් තිබේ.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සිවශක්ති ආනන්දන් මහතා ඇතුළු පිරිසක් වවුනියාව තුන්වැනි හරස් වීථියේ පිහිටි මියගිය එල්ටීටීඊ සාමාජිකයාගේ නිවෙසට පැමිණ සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon