මහනුවර සිද්ධීන්ට පොහොට්ටුවේ 6ක් අත්අඩංගුවට

  👤  3262 readers have read this article !
By mawbima 2018-03-22

උපතිස්ස පෙරේරා

පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇති වූ සිද්ධීන්වලට පොදුජන පෙරමුණෙන් මෑතදී පත්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හයදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් එක් අයකු භික්ෂුන් වහන්සේ නමක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
එම සිද්ධීන්වලට අදාළව පොදුජන පෙරමුණෙන් තරග කළ තවත් භික්ෂුන් වහන්සේ නමක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් එම සිද්ධීන් පිටුපස පොලිසියට බලපෑම් කළ එම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු සහ ලේකම්වරයකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු පිළිබඳ තොරතුරු ඉදිරි දිනකදී මාධ්‍යට හෙළිකරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ජාතිවාදය අවුස්සා දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කර ඇති මෙම පිරිස තම වැරැදි වසා ගැනීමට රජයට චෝදනා එල්ල කරන බවද ඊයේ (21දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා පැවැසුවේය.

මෙම ආණ්ඩුවේම ඇමැතිවරයෙක් ජාතිවාදය අවුස්සන බවට තවත් ඇමැතිවරයෙක් සිදුකර ඇතැයි කියන ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේ ඇමැතිවරයා එය තරයේ ප්‍රතික්ෂේප කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon