ග්ලයිෆෝසේට් තහනම ඉවත් කිරීමට එරෙහිව පාරට බහිනවා

  👤  3335 readers have read this article !
By mawbima 2018-03-22

නිදන්ගත වකුගඩු රෝගයට හේතු වන ග්ලයිෆෝසේට් වල් නාශකයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාවට එරෙහිව තමන් වහන්සේ මහජනතාව සමඟ පාරට බහින බව පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ 'මව්බිම'ට ඊයේ (21දා) පැවැසූහ.
නිදන්ගත වකුගඩු රෝගයට හේතු කාරක වන බැවින් ග්ලයිෆෝසේට් වල් නාශකය භාවිතය අධෛර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිකුත් කර ඇති අවවාදයන් පවා බැහැර කිරීමට මේ රජය කටයුතු කරමින් සිටින්නේ යැයිද උන්වහන්සේ සඳහන් කරති.

වසර 2015දී මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ වකුගඩු රෝගයට හේතුවන ග්ලයිෆෝසේට් වල් නාශකය තහනම් කරන බවට ජනතාවට පොරොන්දුවක් ලබා දෙමින් බව රතන හිමියෝ කියා සිටිති.

බලයට පත්වීමෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් 'ග්ලයිෆෝසේට්'වලට පනවන ලද තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් යොමු කිරීම රටට ජනතාවට ආදරය කරන සියලු දෙනා පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ජනතාව ඒකරාශී කරමින් ඉදිරියේදී රජයට එරෙහිව දැවැන්ත අරගලයක් දියත් කරන බවත් අතුරලියේ රතන හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කරති.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon