පුතාට මන්ත්‍රි අසුන ඉල්ලා බළපිටියේ තාත්තා උපවාසයක

  👤  3385 readers have read this article !
By mawbima 2018-03-22

බළපිටිය ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් වැඩිම ඡන්ද ලබාගත් ටී.එම්. ගයාන් ලක්‍ෂිත පුතුට මන්ත්‍රි ආසනය ලබා නොදීමට එරෙහිව පෙරේදා (20දා) ආරම්භ කළ මාරාන්තික උපවාසය දෙවැනි දිනටත් ඊයේ (21දා) ක්‍රියාත්මක විය. සිය පියාණන්ගේ මාරාන්තික උපවාසයට සහාය දැක්වීම සඳහා වැඩි ඡන්ද ලබා ගනීමේ දෙවැනි තැන ලැබූ දසුන් ලයාන්ද පුතණුවන්ද එක්විය.මාරාන්තික උපවාසයේ යෙදෙන ටී.එම්. සරත් මහතා මෙසේ පැවැසීය.

මම දීර්ඝ කාලයක් මේ පක්‍ෂය වෙනුවෙන් කැපවී වැඩ කළා. 'මැතිවරණවලදී රැස්වීම් තිබ්බා. ඒත් පුතාට වෙච්ච අසාධාරණය කාටවත් පේන්නේ නැද්ද? පළාත් ප්‍රධාන අමාත්‍යවරයාවත් දිස්ත්‍රික් නායකතුමාවත් සෙසු ඇමැතිවරයෙක්වත් තව වනතුරු ආවේ නැහැ. කවුරු නාවත් මම මෙතැනින් නැඟිටින්නේ නැහැ. මට පුත්තු හතර දෙනෙක් ඉන්නවා. එක් කෙනෙක් සසුනට පූජා කරලා තියෙනවා. මට මොනවා හරි වුණොත් මගේ දරුවෝ ටික බලා ගන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අහුන්ගල්ල පොලිසිය ආරක්‍ෂාව සපයා තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon