එජාපයට අවශ්‍යව ඇත්තේ හම්පඩ නායකත්වයක් නොව තරුණ නායකත්වයක්

  👤  3808 readers have read this article !
By mawbima 2018-03-22

තල්පිටිය - කහපොළගේ, එස්. ප්‍රනාන්දු

එක්සත් ජාතික පක්ෂයට අද අවශ්‍ය වී ඇත්තේ හම්පඩ නායකත්වයක් නොව තරුණ නායකත්වයක් බව පානදුර නගර සභාවේ සභාපති පානදුර ආසනයේ එජාප ප්‍රධාන සංවිධායක නන්දන ගුණතිලක පවසයි.

ගුණතිලක මහතා එජාපයට පත්විය යුතු මහ ලේකම්වරයා ගැනද සඳහන් කරමින් කීවේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ඇමැතිවරයෙක් නොවන බුද්ධිමත්, උගත්, ප්‍රායෝගික දැනුමක් ඇති ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි අයකු පත්කර ගත යුතු බවයි.
ඔහු එජාපය ගැන මේ විග්‍රහය කළේ පානදුර නගර සභාවට සහ පානදුර ප්‍රාදේශීය සභාවට එජාපයෙන් පත්වූ නවක මන්ත්‍රිවරුන් පානදුර තරුණ සේවා සභාවේ ශ්‍රවණාගාරයේදී දිවුරුම් දුන් උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

අප රටේ ජීවත් වන ජනතාව ගම් මට්ටමින් ආරක්ෂා කරගෙන ඔවුන්ට පොදු පහසුකම් ලබා දෙමින් ඉදිරියට යෑමට නම් එක්සත් ජාතික පක්ෂය හා නායකත්වයද සංශෝධනයකට ලක්කර ජනතාවගේ දුක සැප හඳුනන නායකත්වයක් ලබා දිය යුතු අවස්ථාව උදාවී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ වත්මන් ප්‍රතිපත්තිය මත තවදුරටත් ඉදිරියට යෑමට ඡන්දදායකයන්ගේ සහයෝගය නොලැබෙන බව ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ඡන්දදායකයන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බවද නන්දන ගුණතිලක මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon