පොලිස් කොමිසමේ හිටපු ලේකම් විශේෂඥ උපදෙස් ගනී

  👤  3594 readers have read this article !
By mawbima 2018-03-22

දෙනගම ධම්මික රණවීර

ජාතික පොලිස් කොමිසමේ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් විශේෂඥ උපදෙස් ලබා ගනිමින් සිටින බව ජාතික පොලිස් කොමිසමේ හිටපු ලේකම් ආරියදාස කුරේ පැවැසීය.

ජාතික පොලිස් කොමිසමේ ලේකම් ධුරයෙන් පෙරේදා (20දා) සිට ආරියදාස කුරේ මහතා ඉවත් කොට තිබේ. රාජ්‍ය පරිපාලන සේවා කොමිෂන් සභාවේ 2018/03 චක්‍ර ලේඛයට අනුව වයස අවුරුදු 60 ඉක්ම වූ අයකු රාජ්‍ය සේවයේ නොසිටිය යුතු බවට ජාතික පොලිස් කොමිසමේ විධායක කමිටුව ගනු ලැබූ තීරණය අනුව ආරියදාස කුරේ මහතාගේ සේවය අවසන් කොට තිබේ.

ජාතික පොලිස් කොමිසමේ විධායක කමිටුවේ තීරණය පිළිබඳ ජාතික පොලිස් කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක පී.ඩී. ලියනාරච්චි මහතා මෙසේ කීවේය. "රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ, කොමිසමේ සාමාජිකයකු සඳහා වලංගු වන්නේ නැහැ. ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ අනුව ජනාධිපතිතුමා තමයි මේ පත්කිරීම් සිදු කරන්නෙ. එහෙත් ඉවත් කිරීමට හෝ කාලය දිගු කිරීමට විධායක කමිටුවට බලය තිබෙනවා. ඒ අනුව විධායක කමිටුව ගත් තීරණය නිවැරැදියි" ඔහු වැඩිදුරටත් කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon