රනිල්ට එරෙහි වෙඩිල්ල පත්තු කරයි

  👤  3817 readers have read this article !
By mawbima 2018-03-22

කරුණු 14ක් මුල්කරගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ඊයේ (21දා) දින කතානායක කරු ජයසූරිය මහතා වෙත භාරදෙන ලදී.

මන්ත්‍රිවරුන් පනස්පස් දෙනකුගේ අස්සනින් යුතුව මෙම විශ්වාසභංග යෝජනාව භාරදෙන ලද්දේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි. මෙය ශ්‍රී ලංකාවේ අගමැතිවරුන්ට එරෙහිව ගෙන ආ තුන්වැනි විශ්වාසභංග යෝජනාවයි. ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට සහ සිරිමා බණ්ඩාරනායක මහත්මියට විශ්වාසභංග යෝජනා දෙකක් ඉදිරිපත් කර ඇත.

මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් චෝදනා 14න් 11ක්ම ඉදිරිපත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙනි. ඊට අමතරව අණපනත් උල්ලංඝනය කරමින් ආර්ථිකය විනාශ කිරීම, නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යෑමට කටයුතු නොකිරීම ඇතුළු කරුණුද මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් වේ.

මෙම විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 55 දෙනකු අස්සන් කර තිබේ.
ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රජයේ මන්ත්‍රිවරුන් සිවුදෙනකු මෙයට අස්සන් කර තිබීමද විශේෂත්වයකි.
වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාදර් මස්තාන් මන්ත්‍රිවරුන් මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර විශ්වාසභංග යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.
ඒ ගැන අවධානය යොමුකරන බව කතානායක කරු ජයසූරිය මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහිව කතානායකවරයා වෙත ඊයේ භාරදුන් විශ්වාසභංග යෝජනාව මෙසේයි.
ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෙරෙහි විශ්වාසභංගත්වය
ඪ. බැඳුම්කර වංචාවක් සිදුකිරීමේ කූට අරමුණින් සම්මතයට පටහැනිව ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කර තමන් යටතට පත් කරවා ගත් හෙයින්ද
ඪඪ. ශ්‍රී ලංකා පුරවැසියකු නොවූද අපකීර්තිමත් ඉතිහාසයක් ඇත්තා වූද බැඳියාවන් අතර ගැටුමක් ඇත්තාවූද අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට යෝජනා කළ හෙයින්ද

ඪඪඪ. මෑත යුගයේ ලෝකයේ සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාව වන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට ඉතා පැහැදිලි ලෙස සම්බන්ධ හෙයින්ද
ඪම. එකී වංචාවේ වංචනිකයන් බේරාගැනීම සඳහා තම දේශපාලන හිතවතුන්ගෙන් සමන්විත පිටිපන කමිටුව පත්කර එකී වංචනිකයන් බේරාගැනීමට නිර්ලජ්ජිත උත්සාහයක් දැරූ හෙයින් ද

ම. මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ වංචනිකයන් ආරක්ෂා කරමින් ද, සැබෑ කරුණු යටපත් කරමින්ද 2015 මාර්තු 17 දින විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුව නොමඟ යැවූ හෙයින්ද

මඪ. බැඳුම්කර වංචාව පිළිබඳ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් විමර්ශනය කරමින් තිබියදී එකී කමිටුව නියෝජනය කරන එජාප මන්ත්‍රිවරයකු වෙනස් කර නව සාමාජිකයකු ඇතුළු කර එකී කාරක සභාව හරහා චූදිතයන් නි‍ෙදාස් කිරීමට අවිනීත උත්සාහයක් ගත් හෙයින්ද
මඪඪ. බැඳුම්කර වංචාව පිළිබඳ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් විමර්ශනය කරමින් තිබියදී ඒ සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරය පිළිබඳ එකී කාරක සභාවේ සාමාජික මන්ත්‍රිවරුන්ට බලපෑම් කළ හෙයින්ද
මඪඪඪ. මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට ඒ පිළිබඳ ජනාධිපති කොමිසමේදී හෙළි වූ නියෝජ්‍ය මහ බැංකු අධිපති පී. සමරසිරිට මුදල් අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් ලබාදීම සඳහා ඇමැති මණ්ඩලයට නිර්දේශ කළ හෙයින්ද

ඪය. මහ බැංකු බැඳුම්කර වංචාවේ චූදිතයකු වුණු අර්ජුන මහේන්ද්‍රන් වෙනුවට වෙනත් අයකු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන මොහොතේ නැවතත් ඔහුව එකී ධුරයට පත්කර ගැනීමට දැවැන්ත වෑයමක් දැරූ හෙයින්ද
ය. බැඳුම්කර වංචාවේ චූදිතයකු වීම හේතුවෙන් අර්ජුන මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපති තනතුර අහිමිවීමෙන් පසු ද ඔහුට සිය අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් ලබාදුන් හෙයින්ද

යඪ. අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවෙන් පිටවන තෙක් ඔහු විදේශගත වීම වළක්වන අධිකරණ නියෝගයක් ලබාගැනීම මඟහැරීමෙන් ඔහුට විදේශ ගතවී අධිකරණය මඟහැර සිටීමට අවස්ථාව සැලසූ හෙයින්ද
යඪඪ. මුදල් අමාත්‍යවරයාට පමණක් බලතල ක්‍රියාත්මක කළ හැකි
ඪ. 1949 අංක 58 දරන මූල්‍ය පනත
ඪඪ. 1953 අංක 24 දරන විනිමය පාලන පනත
ඪඪඪ. 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් පනත
ඪම. 1937 අංක 7 දරන ලියාපදිංචි කළ ස්කන්ධ සහ සුරැකුම් ආඥා පනත
ම. 1944 අංක 16 දරන මූල්‍ය සංචිත අරමුදල් ආඥා පනත
මඪ. 1988 අංක 30 දරන බැංකු පනත
මඪඪ. 1979 අංක 35 දරන අවිනිශ්චිත අරමුදල් පනත

මඪඪඪ. 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත
ඪය. 2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත
යන අණපනත් ඒ බව දනිමින්ම ශ්‍රී ලංකා මහ බැංකුව තමන් යටතට පත් කර ගනිමින් එකී අණපනත් යටතේ බලතල ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රටේ ආර්ථිකය සහ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් ඉතාම වැදගත් වන්නා වූ අණපනත් උල්ලංඝනය කළ හෙයින්ද
යඪඪඪ. ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයද ආර්ථික කළමනාකරණ කමිටුව හරහා මුදල් අමාත්‍යාංශයද, ශ්‍රී ලංකා මහ බැංකුවද තමන් යටතට ගෙන පසුගිය තෙවසර තුළ ජාතික ආර්ථිකය මෙහෙයවීමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය අඩපණ වීමෙන්ද, කොටස් වෙළෙඳපොළ කඩාවැටීමෙන්ද, උද්ධමනය පාලනය කළ නොහැකි අයුරින් ඉහළ යෑමෙන්ද, පොලී අනුපාතය ශීඝ්‍ර වර්ධනයකට ලක්වීමෙන්ද, විදේශීය ආයෝජකයන් ආයෝජන හකුළා ගෙන ශ්‍රී ලංකාවෙන් ඉවත් වීමෙන්ද, දැවැන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණය කර ජනතාව පීඩාවට පත්කර ඇති හෙයින්ද

යඪම. නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධුරය දරමින් මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇති වුණු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවට ආරක්ෂාව සැලසීමට ක්ෂණික පියවර ගැනීමට අසමත් වීමෙන් ජීවිත සහ දේපළ හානි සිදුවීමෙන් ජාතික සමඟිය බරපතළ ලෙස පලුදු කරමින් ජාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය කැළැල් කළ හෙයින්ද

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තවදුරටත් අග්‍රාමාත්‍ය ලෙසද, කැබිනට් අමාත්‍යවරයකු ලෙසද කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ මෙන්ම එතුමා අගමැති ධුරය දරන ආණ්ඩුවට කටයුතු කිරීමේ හැකියාව පිළිබඳවද විශ්වාසයක් නොපවතින බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon