ජනාධිපති කුසලාන අන්තර් පාසල් ආරාධිත පාපන්දු තරගාවලියේ ශූරතාව කොළඹ සහිරා විදුහලට

  👤  2765 readers have read this article !
By mawbima 2018-03-21

ජනාධිපති කුසලාන අන්තර් පාසල් ආරාධිත පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ ඉතා තියුණු තරගයකින් අනතුරුව ගෝල 4-3ක් ලෙස සත්කාරක හමීඩ් අල් හුසේනි විද්‍යාලය පරාජයට පත්කළ කොළඹ සහිරා විදුහල එහි ශූරතාවට හිමිකම් කියන්නට පසුගියදා සමත් විය.

කොළඹ තුරග තරඟ පිටියේ පැවැති එම තරගයේ පළමු අර්ධයේදී ගෝලයක් වාර්තා කර පෙරමුණ ගන්නට සහිරා විදුහල සමත් වුවද දෙවන අර්ධයේදී අල් හුසේනි විදුහල ලබාගත් ගෝලයත් සමඟ දෙපිලම ගෝල 1-1ක් ලෙස සම වීම නිසා තරගය තීරණාත්මක විය.

දෙවන අර්ධය නිමා කිරීමට විනිසුරු සංඥාව නිකුත් වන අවස්ථාව තෙක් දෙපිලෙන්ම තවත් ගෝල වාර්තා නොවීම හේතුවෙන් දෙපිලම ගෝලය බැගින් රැස් කරගෙන සිටීම නිසා දඬුවම් පහර මඟින් තරග ප්‍රතිඵලය ලබාගැනීමට තීරණය කළේය. ඒ අනුව සහිරා විදුහල අවස්ථා 5න් 4කුත් අල් හුසේනි විදුහල අවස්ථා 5න් 3කුත් දඬුවම් පහර සාර්ථක කරගැනීම නිසා ගෝල 4-3ක් ලෙස තරගය ජයගන්නට සහිරා විදුහල සමත් විය.

හමීඩ් අල් හුසේනි විදුහලේ 80 කණ්ඩායම විසින් 11 වැනි වරටත් සංවිධානය කරන ලද මෙම පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගවලදී සහිරා විදුහල හමුවේ මීගමුව මාරිස්ටෙලා විදුහල ගෝල 4-0ක් ලෙසත් අල් හුසේනි විදුහල හමුවේ ශාන්ත බෙනඩික් විදුහල ගෝල 4-0ක් ලෙසත් පරාජය වී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon