ඕමානයේදී ලෝකඩ පදක්කම දිනූ ශ්‍රී ලංකා හොකී පිල ආසියානු ක්‍රීඩා උළෙලට වරම් ලබයි

  👤  2763 readers have read this article !
By mawbima 2018-03-21

එළැඹෙන අගෝස්තු මස ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ඕමානයේ මස්කට් නුවරදී පැවැති හොකී තරගාවලියේදී තායිලන්ත කණ්ඩායම ගෝල 4-1ක් ලෙස පරදවා එහිදී ලෝකඩ පදක්කම දිනාගන්නට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව ආසියානු ක්‍රීඩා උළෙලට වරම් ලබන්නටද ශ්‍රී ලංකා හොකී කණ්ඩායම පසුගියදා සමත් විය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක ඕමානය, චීන තායිපේ සහ කසකස්තානය සමඟ 'බී' කාණ්ඩයෙන් තරග වැදුණු අතර තරග 5ක් ක්‍රීඩා කර ඉන් තරග 3ක් ජයගෙන ඇත. මූලික වටයේ තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම කසකස්තානයට එරෙහිව ගෝල 6-0ක ජයක් හා චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ගෝල 4-1ක් ලෙස ජය වාර්තා කළද ඕමානය හමුවේ ගෝල 5-1ක් ලෙස පරාජයට පත්වී තිබිණි.

අවසන් පූර්ව වටයේදී තියුණු තරගයකින් අනතුරුව බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 3-2ක් ලෙස පරාජයට පත් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇතුළුව මෙම තරගාවලියේ මුල් ස්ථාන 5 හිමිකරගත් ඕමානය, බංග්ලාදේශය, තායිලන්තය සහ චීන තායිපේ යන කණ්ඩායම් ආසියානු ක්‍රීඩා උළෙලට වරම් හිමිකර ගත්තේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon