කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව පළමු ජය ලබයි

  👤  3597 readers have read this article !
By mawbima 2017-07-17

17-07-2017 MAWBIMA (33).jpg (600×350)

මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගි වූ අවසන් තරගය ලෙස පාකිස්තානයට එරෙහිව ජයගනිමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය අපේක්ෂාවෙන් පෙරේදා (15දා) තරග බිමට පිවිසි කණ්ඩායම් දෙකෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 15ක ජයක් හිමි විය.

එනම් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 7කට ලකුණු 221ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස පාකිස්තානු කාන්තාවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 206ක් පමණි. ඒ වන විට පන්දුවාර 46යි. පන්දු 4කදී පාකිස්තානයේ සියලුම දෙනා දැවී ගොස් තිබූ අතර ඔවුන්ගේ වැඩිම ලකුණු (57ක්) ලබාගත් නේන් ආබිඩි දුවද්දී දැවී යෑමකට හසු විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නියන්ගෙන් චන්දිමා ගුණරත්න කඩුලු 4ක්ද අමා කංචනා කඩුලු 2ක් ලබා ගනිමින් කැපී පෙනුණු අතර නායිකා ඉනෝකා රණවීර පන්දුවාර 9යි පන්දු 4ක් යවා එක් කඩුල්ලකට ලබා දුන්නේ ලකුණු 17ක් පමණි.

මේ අතර ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයේ නියමුවා වෙමින් තම එක් දින දිවියේ වැඩිම ලකුණු ප්‍රමාණය හෙවත් ලකුණු 84ක් ලබා ගැනීමට ඩිලානි මහෝදරා සමත් වූ අතර ද චමරි අතපත්තු ලකුණු 27කින්ද ඒෂානි ලොකුසූරියගේ ලකුණු 28කින්ද ශ්‍රී ලංකා ජයග්‍රහනයට දායක වූවාය. පාකිස්තානු පන්දු යවන්නියන් අතර ඩයනා බේග් තම පන්දුවාර 10 තුළ ලකුණු 41ක් දී කඩුලු 3ක්ම දවාගත්තාය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50කදී කඩුලු 7කට ලකුණු 221 චමරි අතපත්තු 27, ඩිලානි මහෝදරා 84, ඒෂානි ලොකුසූරියගේ 28, අමා කංචනා නොදැවී 21, ඩයනා බේග් 31ට 3යි සාදියා යුසුෆ් 32ට 1යි.

පාකිස්තාන් කණ්ඩායම
පන්දුවාර 46යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලකුණු 206 නේන් ආබිඩි 57, අස්මාවියා ඉක්බාල් නොදැවී 38 චන්දිමා ගුණරත්න 41ට කඩුලු 4යි අමා කංචනා 31ට 2යි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්