ඉපදුණු ගමන් සිය දරුවා වළ දැමුවැයි මවක් සැකපිට අත්අඩංගුවට

  👤  2817 readers have read this article !
By mawbima 2018-03-21

දඹුල්ල - කේ.කේ. ආරියදාස

දරුවකු ප්‍රසූත කිරීමෙන් පසු එම දරුවා වළ දැමූ බවට සැකපිට මවක් දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ තිදරු මවකි. දඹුල්ල පොලිසියට ලැබුණු තොරතුරක් මත මේ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇය විසින් පසුගිය 15දා දින නිවෙසේදී ප්‍රසූත කළ දරුවකු වළ දැමූ බවට ලැබුණු තොරතුරක් මතය.

සැකකාර කාන්තාවගේ සැමියා වසර 4ක කාලයක සිට විදේශගතව සිටින බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවැසීය.

දරුවා නිවෙසේ ගෙවත්තේ වළ දැමූ ස්ථානයට මේ වනවිට පොලිස් ආරක්‍ෂාව යොදවා තිබේ. ඊයේ පස්වරුවේ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු මළ සිරුර ගොඩ ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව දඹුල්ල පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලිස්ප රීක්‍ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගයාන් සමරකෝන් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වති.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon