වැඩ බලන්න තක්සේරුකරුවකු පත්කරලා

  👤  2696 readers have read this article !
By mawbima 2018-03-21

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ආදායම් කොමසාරිස් තනතුර සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිද්දී එම තනතුරේ වැඩ බැලීමට ජේ‍යෂ්ඨ තක්සේරුවකු පත් කරනු ලැබ තිබේ.

උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඩබ්ලිව්. ඒ.ආර්. විමලසිරි මහතා විසින් එන් සී පීි/ පී එ ස් සී/ 8/11/09 දරන පත්වීම් ලිපිය මඟින් පළාත් නියෝජ්‍ය ආදායම් කොමසාරිස් තනතුරේ වැඩ බැලීමට මෙලෙස පත් කර ඇත්තේ උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ තක්සේරුකරුවකු වන එච්. අබයකෝන් මහතාය.

මෙවැනි තනතුරකට හෝ එවැනි තනතුරක වැඩ බැලීමට යම් නිලධාරියකු පත් කිරීමේ මොනයම් හෝ හේතුවක් නිසාවත් පෙරදාතම් (බැක් ඩේට්) නොකළ යුතු බව 2009 පෙබරවාරි මස 20 වැනි දින නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ කාර්ය පටිපාටිය රීති 1 වැනි කාණ්ඩයේ 3 පරිච්ඡේදයේ සඳහන්ය.

එහෙත් එච්. අබයකෝන් මහතා උතුරු මැද පළාත් නියෝජ්‍ය ආදායම් කොමසාරිස් තනතුරේ වැඩ බැලීමට පත් කර ඇත්තේ 2013 වසරේ ඔක්තෝබර් මස 29 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදිය.

මේ පත් කිරීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඩබ්ලිව්.ඒ.ආර්. විමලසිරි මහතාගෙන් "මව්බිම" දුරකතනයෙන් විමසූ විට ඔහු ඊට පිළිතුරු ලබා දුන්නේ මෙසේය.

ප්‍රශ්නය - ලේකම් තුමා උතුරු මැද නියෝජ්‍ය පළාත් ආදායම් කොමසාරිස් තනතුරේ වැඩ බැලීමට ජේ‍යෂ්ඨ තක්සේරුකරු අබයකෝන් මහතා පත් කරලා තිබෙනවාද?
උත්තරය - ඔව් පත් කරලා.

ප්‍රශ්නය - නියෝජ්‍ය පළාත් ආදායම් කොමසාරිස් තනතුර සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවකුත් තිබෙනවා. ඒ අනුව මේ පත් කිරීම නීත්‍යනුකූලද?
උත්තරය - ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලැබිලා තිබෙනවා. ඒ අනුව පත් කරලා ඒක නීත්‍යනුකූලයි. ඇයි මොකක්ද ප්‍රශ්නය?

ප්‍රශ්නය - ලේකම්තුමා මෙවැනි පත් කිරීමකදී කිසිදු හේතුවක් නිසාවත් පෙරදාතම් නොකළ යුතු බව ගැසට් නිවේදනයේ පැහැදිලිව සඳහන්ව තිබෙනවා. එහෙත් ඔබතුමා මේ පත් කිරීම කරලා තිබෙන්නේ එම නියමයට පටහැනිව 2013.10.29 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි හිඟ දීමනාද සහිතව එවැනි තත්ත්වයකදී මේ පත් කිරීම නීත්‍යනුකූලද?

උත්තරය - ඒ ගැන හොයල බලන්න ඕන. එහෙම දෙයක් කවුරුවත් පෙන්නලා දීලා නැහැ. අපිට.
ප්‍රශ්නය - ඒ කියන්නේ ගැසට් නිවේදනයේ එවැනි කොන්දේසියක් තිබෙනවා කියලා නොදැනද ඔබ මේ පත්වීම කළේ?

උත්තරය - ඒ ගැන හොයලා බලන්න ඕන.

උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය ආදායම් කොමසාරිස්වරයකු හෝ වැඩ බලන නියෝජ්‍ය ආදායම් කොමසාරිස්වරයකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එම දෙපාර්තමේන්තුවේම ජේ‍යෂ්ඨ තක්සේරුවකු වන ඩී.ටී.ජී.ඩී.ඒ. කවිකුමාර මහතා ජනාධිපතිනීතිඥ මනෝහර සිල්වා මහතා මඟින් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති අතර එම නඩුව යළි කැඳවීමට නියමිතව ඇත්තේ ලබන ජුනි මස 26දායි.

මේ පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ මහෝහර සිල්වා මහතා ස¼දහන් කළේ උතුරු මැද නියෝජ්‍ය ආදායම් කොමසාරිස් තනතුර සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් පවතිද්දී සිදු කර ඇති මේ පත් කිරීම නීතියට පටහැනි බවයි. මේ මඟින් අදාළ පත් කිරීම සිදු කළ නිලධාරියා අධිකරණයට අපහාස කර ඇති බවද ස¼දහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ සම්බන්ධයෙන් මෝසමක් මඟින් නොපමාව අධිකරණයට කරුණු වාර්තා කරන බවද කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon