පුත්තලම මූලික රෝහලේ හෙද- හෙදියෝ මාරුවීම් නිසි වේලාවට ඉල්ලා විරෝධය පාති

  👤  2665 readers have read this article !
By mawbima 2018-03-21

නාත්තණ්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත

තම ස්ථාන මාරුවීම් නිසි වේලාවට ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් පුත්තලම මූලික රෝහලේ හෙද හෙදියෝ ඊයේ (20දා) පෙරවරුවේ විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

පැය 1 1/2කට ආසන්න කාලයක් සේවා කටයුතුවලින්ඉවත්ව හෙද හෙදියන් 50 දෙනෙක් පමණ මේ විරෝධතාවට එක්ව සිටියහ.

පුත්තලම මූලික රෝහලේ රාජකාරි කරන ඇතැම් හෙද හෙදියන් වසර 7 සිට 10 දක්වා කාලයක් එක දිගටම සේවය කර ඇති බවත් ඔවුන්ට තමන් පදිංචි ආසන්නයට ස්ථාන මාරුවීම් ලබා යෑමට සුදුසුකම් ඇතත් සෞඛ්‍ය බලධාරීන් ඊට අවස්ථාව ලබා නොදෙන බවත් විරෝධතාවට එක්ව සිටි සමස්ත ලංකා හෙද සංගමයේ පුත්තලම දිස්ත්‍රික් සභාපති අමිල ප්‍රනාන්දු මහතා පැවැසීය.

තම සාමාජිකයන් මුහුණ දී ඇති ස්ථාන මාරුවීම් ලබා ගැනීමේ ගැටලුවට විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී සෞඛ්‍ය සේවයේ සෙසු අංශද එකතු කරගෙන අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා යෑමට සූදානම් බවද අමිල ප්‍රනාන්දු මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon