වඩමාරච්චි මුහුදු වෙරළෙන් හමු වූ මළ සිරුර මුලතිව්වලින් අතුරුදන් වූ තිදෙනාගේ සිරුරු නොවේ : ඥාතීහු පවසති

  👤  2645 readers have read this article !
By mawbima 2018-03-21

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ වඩමාරච්චි තාලයඩි ප්‍රදේශයේ මුහුදු වෙරළෙන් පෙරේදා (19දා) හමුවී ඇති මළ සිරුර මුලතිව් නායාරූ ප්‍රදේශයෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයන් තුන්දෙනාගෙන් එක් අයකුගේවත් නොවන බව ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත පලෙයි පොලිසිය මුහුදු වෙරළට ගොස් මළ සිරුර පිළිබඳව පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා එම මළ සිරුර කිලිනොච්චිය රෝහල වෙත භාර දී තිබේ.

මේ මළසිරුර පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසුව මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂවරයා නායාරූ ප්‍රදේශයෙන් මුහුදු ගොස් සිටින ධීවරයන් තුන් දෙනකු අතුරුදන් වූ පවුලේ ඥාතීන්ට වෙරළට ගොඩ ගසා තිබූ මළ සිරුර පරීක්ෂා කොට බලා හඳුනා ගැනීමට අවස්ථාව ලබාදී තිබේ.

ඔවුන් පවසා ඇත්තේ එම මළ සිරුර තම පවුලට අයත් එකක් නොවන බවයි.

පලෙයි පොලිසිය පැවැසුවේ මිය ගිය පුද්ගලයා මැදිවියේ පසුවන අයකු බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පලෙයි පොලිසිය මේ මළ සිරුර හඳුනාගැනීම පිණිස මහජනතාවගේ සහාය ඉල්ලා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon