බළපිටියට ශ්‍රී ලනිපයෙන් තේරුණු මන්ත්‍රිවරුන්ට එරෙහිව උද්ඝෝෂණ වැඩි ඡන්ද ගත් අපේක්ෂකයාගේ පියා මාරාන්තික උපවාසයක

  👤  3013 readers have read this article !
By mawbima 2018-03-21

හික්කඩුව - සංජීව මාණික්කුවාවඩු

බළපිටිය ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත් වී ඇති නියෝජිතයන්ගේ තෝරා ගැනීමේ ක්‍රමවේදයට විරෝධය දක්වමින් ඊයේ (20දා) ප්‍රාදේශීය සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බළපිටිය ප්‍රාදේශීය සභාව සඳහා තරග කළ අපේක්ෂකයන් පිරිසක් මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

වැඩි ඡන්ද ලබාගත් අපේක්ෂකයන් සිටියදී ආසන සංවිධායකවරයාට අවශ්‍ය පරිදි මන්ත්‍රිවරුන් තෝරාපත් කරගෙන ඇති බවත් ජනතාව ප්‍රතික්ෂේප කළ අයට මන්ත්‍රිකම් ලබාදී ඇති බවත් මේ අසාධාරණ ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් උද්ඝෝෂකයෝ පැවැසූහ.

'වැඩි අය එළියට අඩු අය ඇතුළට', 'යහපාලනය කෝ', 'තරුණ අපේක්ෂා සුන්' ආදී සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන ඔවුන් පැයක පමණ කාලයක් විරෝධතාවේ යෙදුණහ.

අප සමඟ අදහස් දැක්වූ අපේක්ෂක දසුන් ගයාන් මහතා මෙසේ කීය.

බාධක ගොඩක් මැද්දේ අපි ගත්ත ඡන්ද ප්‍රමාණය හෑල්ලුවට ලක්කරලා. සිය කොට්ඨාසයේ ස්වාධීන අපේක්ෂකයාට වඩා අඩුවෙන් ඡන්ද ගත්ත හිටපු මන්ත්‍රිවරයෙක් පත් කරලා. බළපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලැයිස්තුවෙන් ඉදිරිපත් වෙලා ඒත් එයාගේ කොට්ඨාසයේ ඡන්ද 35යි. එයාගේ හිතවතුන්ට මන්ත්‍රිකම් දීලා. හරි දේශපාලන නායකයෙක් නම් එයා ඉල්ලා අස්වෙන්න ඕනේ. මොකද තරුණ අපිට සාධාරණය ඉටු විය යුතුයි.

බළපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වැඩිම ඡන්ද ලබාගත් ටී.එම්. ගයාන් ලක්ෂිත මහතා මෙසේ පැවැසීය.

මගේ වයස අවුරුදු 21යි. ඒත් මම වැඩිම ඡන්ද ලබා ගත්තා. අපිව අගය කරනවා වෙනුවට ‍ෙදාට්ට දාන එක වැරැදියි.

මගේ පියා 1989 ඉඳලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වැඩ කළා. අපේ ගෙවල් කුඩු කළා. තාත්තා රිමාන්ඩ් කළා. ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ අපිට සාධාරණය ඉටු කරන ලෙසයි.

මාරාන්තික උපවාසයක යෙදී සිටින ටී.එම්. සරත් මහතා මෙසේ පැවැසීය.

මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැප වූ කෙනෙක්. මම ව්‍යාපාරිකයෙක්. පුතා වැඩි ඡන්ද ගත්තා. මට ඕනේ එයාව මන්ත්‍රි කරලා ජනතා සේවයේ යොදවන්න. පුතා මන්ත්‍රි දීමනාව සතයක්වත් ගන්නේ නැහැ. අසාධාරණය මට පෙන්වන්න බැහැ. මම මැරෙනකන් මෙතැනට වෙලා ඉන්නවා.

පක්ෂයේ වගකිව යුතු කෙනෙක් ඇවිල්ලා සාධාරණය ඉටු කළ යුතුයි. අප මේ සම්බන්ධව බළපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ඒ. දයාරත්න සිල්වා මහතාගෙන් විමසුවෙමු. එතුමා මෙසේ පැවැසීය.

පක්ෂයෙන් එවන ලද කොන්දේසිවලට අදාළව මම සියලු තොරතුරු යැව්වා. පක්ෂය තමයි අවසාන තීරණය ගත්තේ. ලැයිස්තුවෙන් ලංකාවෙන් තේරුණේ මම විතරක් නෙවෙයි. මම පක්ෂය වෙනුවෙන් කළ දේට තමයි මේ තනතුරු ලැබුණේ. අසාධාරණයක් වුණා නම් පක්‍ෂය සාධාරණය ඉටු කරාවි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon