ඊළඟ ජනාධිපතිවරණයට අපි රාජපක්‍ෂවරයකු ඉදිරිපත් කරනවා

  👤  2991 readers have read this article !
By mawbima 2018-03-21

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස රාජපක්ෂ කෙනකු ඉදිරිපත් කරන බව දකුණු පළාත් සභා මන්ත්‍රි ඩී.වී. උපුල් මහතා පෙරේදා (19දා) බෙලිඅත්ත ගොඩකුඹුර ප්‍රදේශයේදී පැවැති ජනහමුවකදී පැවැසීය.

දැන් පළාත් සභා මැතිවරණය කල් දාන්න යනවා. අපි පළාත් සභා මැතිවරණයට සූදානමින් ඉන්නවා. මහ මැතිවරණය ළඟ ළඟම එනවා. ජනාධිපතිවරණයත් ළඟ ළඟම එනවා. ජනාධිපති අපේක්ෂකයත් අපි තෝරාගෙන යනවා. මගෙන් ඇහුවොත් කවුරුහරි මම ඒකට උත්තර දෙනවා. එක්සත් ජාතික පක්ෂය දෙපාරක් උකසට ගත්තා දෙන්නෙක්. සරත් ෆොන්සේකා, ඊට පස්සෙ මෛත්‍රිපාල. දැන් හෙට අනිද්දට ඇඩ් එකක් දායි පාවාදෙන්නෙක් ඉන්නවා නම් වහාම එන්න කියලා. පාවාදෙන්නෙක් ඉන්නවා නම් පුළුවන් ඒ පැත්තට ගිහින් ජනාධිපති අපේක්ෂකයා වෙන්න. හැබැයි අපේ අපේක්ෂකයා නිවැරැදියි. අපේ අපේක්ෂකයා වෙන කවුරුවත් නෙවෙයි රාජපක්ෂ කෙනෙක් කියන එක කියන්න ඕන. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍යවරයා කරන්න අවශ්‍ය වගකීම රාජපක්ෂ කෙනෙක්ටම පවරලා එතුමා මේ රටේ ජනාධිපති කරලා නැවතුණු තැනින් පටන් ගන්න තමයි අපේ බලාපොරොත්තුව.

අපි ඉස්සර සාමාජිකත්වය දරපු පක්ෂය බුලත් කොළය. මේ දිස්ත්‍රික්කයේ ඉන්න ඇමැතිවරයාගේ නියෝජිතයෝ ඇවිල්ලා ඡන්දෙ ගන්න කුඩයක්, මෙට්ටයක් එක එක දේවල් ලබා දෙනවා. මම හෙව්වා මේව ධීවර අමාත්‍යාංශයෙන් දුන්නද කියලා. නෑ ධීවර අමාත්‍යාංශයෙන් මේ මුදල් ලැබිලා නැහැ. පස්සෙ බැලුව මම මේකට මහ බැංකු සල්ලි කොල්ලයෙන්වත් සල්ලි ඇවිල්ලද කියලා. ඒ ඇවිල්ලත් නෑ. එහෙනම් කොහොමද මේ අමරවීර ඇමැතිතුමා මැතිවරණ කාලේ මෙච්චර දේවල් බෙදුවෙ කොහෙමද කියල මම හෙව්වා. ඔබතුමාලට අපිට තිබුණු සම්පත හම්බන්තොට වරාය විකුණන් කෑව කියල අපි චෝදනා කළේ රනිල් වික්‍රමසිංහට හා මෛත්‍රිපාල සිරිසේනට. හැබැයි මේවට සම්බන්ධ වෙලා තියෙනවා මේ දිස්ත්‍රික්කයේ ඇමැතිවරයා. මේ බඩු බෙදපු ඒවයෙ මුදල අම්බලන්තොට ගුණවර්ධන ස්ටෝර්ස් එකට මේ මාසේ මුල චෙක්පතකින් ගෙවනවා හම්බන්තොට වරාය ගත්ත චයිනා හාබර් සමාගම.

මාධ්‍ය තුළින් අමරවීර ඇමැතිතුමා කිව්වා වරාය විකුණන්නේ නෑ. විකුණන්න ඉඩ දෙන්නේ නෑ කියලා. හැබැයි යටින් ඩීල් එක ගහපු නිසා තමයි අම්බලන්තොට ගුණවර්ධන ස්ටෝර්ස් එකට ගිහිල්ලා අඟුණුකොලේට බාපු බඩුවල බිල වරායෙන් ගෙව්වේ. ඔබට රැකියාවක් ගන්න තිබුණ වරාය විකුණන් කෑමට සම්බන්ධ කෙනෙක් තමයි අන්ත කුජීත ලෙස පැරැදුණු ඇමැතිතුමා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ කිව්වා ඒකාධිපතියා කියලා. එතුමා ඒ බලය පාවිච්චි කළේ ප්‍රභාකරන් නමැති මිනීමරුවා මරලා දාන්න. උතුරේ යුද්ධය නිම කරන්න. හම්බන්තොට වරාය හදන්න. පාරවල් ටික හදන්න. ගුවන්තොටුපොළ හදන්න තමයි බලය පාවිච්චි කළේ. හැබැයි දැන් ඉන්න ජනාධිපතිතුමා මොකටද බලය පාවිච්චි කරන්නේ. ඡන්දය කල් දාන්න. කල් දාපු ඡන්දයේ ජයග්‍රහණය අපට ලැබුණාම අදටත් ජයග්‍රහණය කළේ කවුද කියලා නොකියා ඉන්න මාධ්‍යට බලපෑම් කරන්න. මේ බහුතරයක් දිනපු ජනතාව ඡන්දයේ ප්‍රතිඵල කියනකොට කොට්ඨාස එකොළහම අපි දිනලා මන්ත්‍රිවරු ගාණ හදනකොට අපිට එකොළහයි. පැරැදිච්ච අයට දහයයි.

තංගල්ල-සහම්පති මානගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon