උස හීන්දෑරි පුද්ගලයාගේ කට්ටිය සහ මුස්ලිම් ජාතිවාදී කල්ලි ඉදිරියේදීත් රට ගිනි තියයි

  👤  3215 readers have read this article !
By mawbima 2018-03-21

වත්මන් ආණ්ඩුවේ දේශපාලන සල්ලාලයා බවට අගමැති රනිල් වික්‍රමසිංහ පත්ව ඇති බවත් ඔහුගේ සල්ලාලකම්වලට ඉඩදී බලා සිටින මුරකරු බවට ජනාධිපතිවරයා පත්ව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.

බටහිර මන‍ෙදාළ සපුරන පරගැති න්‍යායපත්‍රය අතැතිව සිටින දේශපාලන සල්ලාලයාගේ බටහිර න්‍යායපත්‍රය හකුළා ගැනීමට කළ යුතු බොහෝ දේ පෙබරවාරි 10න් පසුව එළැඹුණු අන්තර් කාලීන වකවානුව තුළ ඉටුකළ යුතුව ඇතැයිද හෙතෙම පැවැසීය.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ පසුගියදා (19දා) මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති දේශනයක් අමතමිනි.

මන්ත්‍රිවරයා මෙසේද කීය.

මේ නිසා වික්‍රමසිංහ අතේ තියාගෙන ඉන්න න්‍යාය පත්‍රයට තව තවත් දිගේලි වීමට ඉඩ නොතැබිය යුතුයි. ඒ අනුව අතුරුදන් වූවන්ගේ පනත් අහෝසි කරවන න්‍යායපත්‍ර සැකසිය යුතුයි. ත්‍රිකුණාමලය වාරය නැතිවුණාට පස්සෙ, සේවා ආර්ථිකය ඉන්දියාව ගිලගත්තට පස්සෙ, රණවිරුවන් යුද අපරාධ කළාය කියලා අර උසාවිවල නඩු අහලා ඔප්පු කරාට පස්සෙ, ඒක පදනම් කරගෙන දෙමළ බෙදුම්වාදීන්ට ස්වයං පාලනය ලබා දුන්නට පස්සෙ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරලා, ව්‍යවස්ථාවෙ පේළි තුන හතරක් එහාට මෙහාට කරලා දෙමළ බෙදුම්වාදීන්ට අභ්‍යන්තර ස්වයං පාලනයක් ලබා දුන්නට පස්සෙ, යුද අපරාධ වී ඇතැයි ඔප්පු කළාට පස්සෙ වැඩක් වෙයිද?
ඊළඟට ව්‍යවස්ථා සංශෝධනත් එද්දී තව තෙල්දෙණියක් ගිනි තියයි. දින තුන හතරක් ඇදෙන්න දෙයි. උස, සරම අඳින හීන්දෑරි පුද්ගලයගෙ කට්ටිය එයි. ඒ වගේ මුස්ලිම් අන්තවාදී කල්ලියත් බහියි. ඒ අස්සෙ 13 බලාත්මක කරන සංශෝධනත් පාර්ලිමේන්තුවට එයි. හදිසි නීතියත් දායි. මුහුණුපොත වහයි.

මේ ගොල්ලො මෙවර කළේ ඉස්සරහට කරන්න තියෙන එක ටෙස්ට් කරලා බලපු එකයි.

මේ පරගැති න්‍යායපත්‍රය පරාජය නොකළොත් වෙන්නෙ දෙවැනි හංස පූට්ටුවට පාර කැපෙන එකයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන හම්පඩ වුණු සටන් පාඨයේ දූවිලි පිහදාලා ජවිපෙ ආයෙ අතට ගන්නයි යන්නෙ. හෙට අනිද්දා ඔවුන් ගේනවා ව්‍යවස්ථා සංශෝධනයක්. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීමේ නාමයෙන් ජවිපෙ ආයෙත් අලුත් හංස පූට්ටුවක් කරගහනවා.

දේශපාලන සල්ලාලයන්ටත් ඕන මුරකාරයගෙ රස්සාව නැතිකරන්න තමයි. මුරකාරයා නැතිව තනියෙන් වැඩ ටික කරන්න. මේකට පාර්ලිමේන්තුවේදී එජාපයත්, දෙමළ ජාතික සන්ධානයත් ජවිපෙත් ඡන්දෙ දෙනවා. ඒගොල්ලො උත්සාහ ගන්නවා ඒකාබද්ධ විපක්ෂෙ ඡන්දත් ගන්න.

ඒ වෙනුවෙන් ඔවුන් කියන්නේ "මහින්ද රාජපක්ෂට දෙවැනි වතාවට ඉදිරිපත් වීමට පවතින බාධා ඉන් ඉවත්වේ. ඔබට ලැබෙන ඒ අනගි අවස්ථාව නොපිරිහෙළා මිලදී ගන්න" කියන එකයි ඔවුන් අපට පොවන කසාය.

ගෙඩිය පිටින් අගමැතිගෙ අතට බලය අරන් පරගැති න්‍යායපත්‍රය දිගේලි කරන්නයි මොවුන්ට අවශ්‍ය. අවසානෙ වෙන්නෙ වරින් වර පුම්බ පුම්බ ආපු මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි ක්‍රමය වරගන්වා අපිත් නොදන්නා කෙනෙක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අතේ තියාගෙන දෙවැනි හංස පූට්ටුව හරහා එළියට ඒමයි.

පසුගිය පළාත් පාලන මැතිවරණය මේ රටේ ජනතාව සැලකුවේ පළාත් පාලන මැතිවරණයක් ලෙස නෙමෙයි. ජාතික මැතිවරණයක් හැටියටයි. ඒ නිසාම මැතිවරණ කොමිසමේ සභාපතිට සිද්ධවෙලා තියෙනවා. තාමත් අවසන් ප්‍රතිඵලය නිකුත් කරගන්න බැරුව ලැජ්ජා විරහිතව තටම තටම ඉන්න.

ඒ ප්‍රතිඵලයත් එක්කම ලාංකේය දේශපාලන දාං ලෑල්ලෙ බොහෝදේ වෙනස් වෙන්න පටන් ගත්තා. එදා පත්තර කාටූන්වල පැච් සහිත ඇඳුමින් කාටූන් කළ මහින්ද රාජපක්ෂගෙ ජනාධිපති ඇඳුම පැච් නැති විදියට අඳින්න ගත්තා. ආණ්ඩුවට දැන් තියෙන ජනතා බලය කොච්චරද කියලා පෙන්නලා දුන්නා.

ලාංකේය ජනසමාජය ඇතුළේ මුස්ලිම් ජනසමාජය ගොඩනැඟෙනවා වෙනුවට බලහත්කාරයෙන් අරාබි අනන්‍යතාව මේ ජන සමාජය මත පටවන්න පටන් අරන්. එතැනදී සමහර මැද පෙරදිග රටවල් මූල්‍ය අනුග්‍රාහකත්වය සපයනවා. ඒ අනුව වහබ්වාදය නමැති මුස්ලිම් ආගමික දර්ශනයන් ජන සමාජයට පොවන්න පටන් අරන් තියෙනවා. මේ නිසා සිංහල මුස්ලිම් ජන සමාජය ඇතුළෙ අතීතයේ තිබුණු විශ්වාසය, අවබෝධයට වඩා සැකය, අවිශ්වාසය ජනිත කරවන ආකාරයේ පරිසරයක් කාලයක් තිස්සේ නිර්මාණය වෙමින් පවතිනවා.

ගාල්ල ගිංතොටදී මේ ගිනි ඇවිළුවා. සිංහල ජන සමාජයේ රණකාමී වීර මුද්‍රාව සතු කරගන්න එදා යූ.එන්.පිය ඒ විදියට හැසිරුණා.
මැතිවරණය නිමාවෙලා සති කීපයයි ගියේ වඳ පෙත්තක් නිසා අම්පාරේ කඩයක් ගිනි තිබ්බා. ඒක හිතපු තරම් ඇවිළුණේ නෑ. ඊට පස්සෙයි තෙල්දෙණියට ඒ ගින්න ගියේ. මේ සිද්ධිය දැක්ක මහමොළකරුවො තේරුම්ගත්තා මේක අවුළුවලා යවන්න පුළුවන් කියලා. ඇවිළුණේ නැතත් අවුළවන්න

පුළුවන් තැනක් කියලා. ඒක ගිනි තිබ්බෙ කොළඹින් ගිය ජාතික ඇඳුම අඳින උස හීන්දෑරි පුද්ගලයයි ගෝලයොයි කියලා මම මීට පෙරත් කිව්වනේ ඒක කිව්වහම එයාට ගිය කේන්තියේ තරම. ඒකෙන්ම පේනවානේ. කවුද කිළේ කියලා. නැත්නං ඔච්චර තරහ ගන්න ඕන නෑනේ.

තෙල්දෙණිය ගින්න අස්සෙ අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය බලාත්මක කිරීමේ පනත ගෙනාවා. මේක ගැන පාර්ලිමේන්තුවෙදී ජවිපෙ නිහඬව සිටියා. මේ කාර්යාලය හරහා රණවිරුවන්ට එරෙහි චෝදනා ෆැක්ටරිය හදලා නඩු දාන්නයි මේ සූදානම් වෙන්නේ. මේ වෙන්නෙ බටහිරට ඕන වුණු දේ. ලංකාවෙ යුද අපරාධ වුණා කියලා ලංකාව මඟින්ම ඔප්පු කර පෙන්වන්න.

හර්ෂනී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon