ආයුර්වේද රෝහල්වල ඔෟෂධ හිඟය දුරලන්න නව මෘදුකාංගයක් හඳුන්වා දෙන්න යයි

  👤  3524 readers have read this article !
By mawbima 2017-07-17

රෝහණ බමුණුආරච්චි

දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල්හි ඔෟෂධ හිඟය මඟහැරවීම සඳහා නව මෘදුකාංගයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.
දිවයින පුරා පිහිටි මහ රෝහල්, ශික්ෂණ රෝහල්, දිසා රෝහල්, ප්‍රාදේශීය රෝහල්වලටද එම මෘදුකාංග හඳුන්වාදීමෙන් ඔෟෂධ හිඟය මඟහැරවීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.

බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
දිවයින පුරා ආයුර්වේද රෝහල්හි දෛනිකව ඔෟෂධ හිඟයක් ඇතිවන බව එම සාකච්ඡාවලදී අනාවරණය වී ඇති අතර ඉදිරියේදී එම හිඟය කඩිනමින් විසඳීම සඳහා කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

එම සාකච්ඡාව සඳහා රාජගිරිය දේශීීය වෛද්‍යායතනයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ද සහභාගි වී ඇති අතර දැනට පවතින දේශීය ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් බිහිකිරීම සඳහා ක්‍රියාත්මක විෂය නිර්දේශය සංශෝධනය කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්