මෙරටට එන විදෙස් ශ්‍රමිකයන්ගෙන් රෝග බෝ කරන විසබීජ පැතිරෙන අවදානමක් ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය සංගමය

  👤  2947 readers have read this article !
By mawbima 2018-03-21

දයා පෙරේරා

ශ්‍රී ලංකාවේ රැකියා සඳහා පැමිණෙන විදේශ ශ්‍රමිකයන් විධිමත් වෛද්‍ය පරීක්ෂණවලට භාජන නොකෙටරන බැවින් ක්ෂය රෝගය ඇතුළු තවත් රෝග බෝ කරන විසබීජ රටට පැමිණෙන දැඩි අවදානමක් තිබෙන බව ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

දඹදිව වන්දනාවේ ගොස් පැමිණෙන ශ්‍රී ලාංකික බැතිමතුන්ද පිටත්වීමට පෙර හා ආපසු පැමිණි පසුවද ක්ෂය රෝගය ඇතුළු රෝග විසබීජ සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීම අනිවාර්ය කළ යුතු බවද එම සංගමය කියයි.

මේ හැමදෙනාම ගුවන්තොටුපළේ දීම පරීක්ෂාවට ලක්කළ හැකි ක්‍රමයක් සකස් කළ යුතු බව පවසන සංගමය දෙපැයක් ඇතුළත ක්ෂය රෝගය හඳුනා ගැනීමේ ශක්තිය ඇති නව තාක්ෂණ උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් රජයේ ප්‍රධාන රෝහල් සියල්ලටම ලබාදී ඇති බවද පෙන්වා දෙයි.

ක්‍ෂය රෝග විසබීජ සහිත පුද්ගලයන්ටත් වඩා භයානක වන්නේ සියලු ඔෟෂධවලට ප්‍රතිරෝධ තත්ත්වයට පත්වූ රෝගීන්ට නිදැල්ලේ මෙහි පැමිණීමට පවා ඉඩ ඇති බව යැයි පවසන ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර "මෙසේ වුවහොත් මෙය කාල බෝම්බයකට වඩා භයානකයි" යනුවෙන් අනතුරු ඇඟවීය.

වෙනත් රෝගීන්ට මෙන් නොව ක්ෂය රෝගීනට ප්‍රතිකාර ලබන කාලය තුළ රජයෙන් මුදලක් ද ලබා දෙන බවත් ඇතැමුන්ට ඉඳුම් හිටුම් පවා සලස්වන බවත් පැවැසූ විශේෂඥ වෛද්‍ය මැදගෙදර ප්‍රතිකාර නොලබන ක්ෂය රෝගීන් සිරගත කළ හැකි නීතියක් තිබෙන අතර භාගෙට ප්‍රතිකාර ලබාගත් දෙදෙනකු ප්‍රතිකාර අවසන් වනතුරු ඉකුත් වසරේදී සිරගත කරවූ බවත් පැවැසීය.

මේ වසරට ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගය වැලඳුණු පුද්ගලයන් 14,000ක් පමණ සිටිය යුතු වුවත් ප්‍රතිකාර ලබා ගන්නේ 10,000කට ආසන්න සංඛ්‍යාවක් බවද ඒ අනුව 4,000ක පමණ ක්ෂය රෝගීන් පිරිසක් ප්‍රතිකාර නොගෙන සැඟවී සිටින බවද ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය නිරංජන් දිසානායක පවසයි.

මෙසේ සමාජය තුළ එවැනි පිරිසක් ගැවසීම අතිශයින් භයානක තත්ත්වයක් බවත් ලංකාවේ ලක්ෂයකින් 65 දෙනකුට අලුතින් ක්‍ෂය රෝගය වැලඳෙන බවද හෙතෙම කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon