කැණීම් බලපත්‍ර හිමියන් නීති කඩකළොත් බලපත්‍ර අවලංගුයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය

  👤  2836 readers have read this article !
By mawbima 2018-03-21

පහන් විජේසේකර

වැලි සහ වෙනත් කැණීම් කටයුතු සිදු කිරීමට බලය ලබාදී ඇති බලපත්‍රලාභීන් අදාළ නීති උල්ලංඝනය කරන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ බලපත්‍ර මුළුමනින්ම අවලංගු කිරීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශය තීරණය කර තිබේ.

අවලංගු කරනු ලබන බලපත්‍රලාභීන්ට නැවත කිසිදු ආකාරයකින් බලපත්‍ර නිකුත් නොකරන බව එම කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා කියා සිටියි.

ඒ අනුව බලපත්‍රලාභීන්ට ලබාදී ඇති බලපත්‍රවලට අනුව අවසරලත් ස්ථානයේ පමණක් කැණීම් සිදු කිරීමට වෙනම විමර්ශන ඒකකයක් කඩිනමින් ස්ථාපිත කරන බවත් එම විමර්ශන ඒකකය හරහා මේ බලපත්‍රලාභීන් අදාළ නීති උල්ලංඝනය කරනවාද යන්න අධීක්ෂණය කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කරයි.

එමෙන්ම නීති විරෝධී කැණීම් සිදු කරන පුද්ගලයන් පිළිබඳව කඩිනම් තොරතුරු ලබා දීමට කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සභාපතිවරයා ප්‍රකාශ කරයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon