විශ්වවිද්‍යාල විධායක නිලධාරීනුත් හෙට සහ අනිද්දා වැඩ වරති

  👤  2818 readers have read this article !
By mawbima 2018-03-21

හර්ෂනී අර්සකුලරත්න

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන බලධාරීන් නිසි අවධානය යොමු නොකිරීම හේතුවෙන් හෙට (22දා) සහ අනිද්දා (23දා) විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක් අරඹන බව එම සංගමයේ ලේකම් දයාල් අභයසිංහ පවසයි.

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ ඉල්ලීම් තුළ සිය සංගමය ඉල්ලා සිටි ඉල්ලීම්ද පවතින බවත් එම පොදු ඉල්ලීම්වලට අමතරව සිය නිලධාරීන් සඳහාම වන ඉල්ලීම් කිහිපයක් පවතින බවත් හෙතෙම පැවැසීය.

මේ සඳහා වන සාකච්ඡාවක් ලබාගැනීමට එම සංගමය පසුගිය වසරේ සිට උත්සාහ දැරූ බවද පසුගිය ඔක්තෝබර් සිට විටින්විට කල් දමමින් මේ වසරේ මාර්තු 9 දින ලබා දුන් සාකච්ඡාවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කොන්දේසි විරහිතව කල්දැමීම හේතුවෙන් මේ තීරණයට එළැඹි බව ඔහු පැවැසුවේය.

සිය සේවා ස්ථිර කිරීම්වලදී ඇති වී ඇති විවිධ ගැටලු, 2016/04 චක්‍රලේඛය හරහා සිය නිලධාරීන්ට මතුව ඇති ගැටලු මෙන්ම තීරුබදු රහිත වාහන ආනයනය සඳහා බලපත්‍රය ලබාදීම සම්බන්ධව සිදුවන ගැටලු ඇතුළු ඉල්ලීම් 14ක් සඳහා එම සංගමය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සාකච්ඡාවක් බලාපොරොත්තු වන බවද එම සංගමයේ ලේකම්වරයා පැවැසුවේය.

මෙතෙක් ආයතනික මට්ටමින් සිතා අනධ්‍යන සේවකයන් නොමැති වුවත් කාර්යාලයීය යතුරු භාරගැනීම්, කාර්යාල විවෘත කිරීම් ආදිය සිය නිලධාරීන් ස්වේච්ඡාවෙන් කළ බවත් ඉදිරියේදී ඒවායින් ඉවත් වී සිය විරෝධය දක්වන බවත් හෙතෙම පැවැසීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon