බහුතරය නැති පළාත් පාලන ආයතනවලට සභා පිහිටුවීමට සහාය දෙන්නේ සභාපති ධුරය එජනිසයට දුන්නොත් පමණයි

  👤  2769 readers have read this article !
By mawbima 2018-03-21

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

බහුතරයක් නොමැති පළාත් පාලන ආයතන සඳහා බහුතරය පෙන්වමින් සභාව පිහිටුවීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහාය ලබාදෙන්නේ එම සභාවේ සභාපති ධුරය තම පක්‍ෂයට ලබාදෙනවා නම් පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා 'මව්බිම'ට ප්‍රකාශ කෙළේය.

එම කොන්දේසිය පමණක් යටතේ ඕනෑම දේශපාලන පක්‍ෂයකට සහාය ලබාදෙන බවත් එය එක්සත් ජාතික පක්‍ෂයද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද කියා ගැටලුවක් නොමැති බවත් මහින්ද අමරවීර අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් එම දේශපාලන පක්‍ෂ දෙක සමඟ නිල මට්ටමින් කිසිදු සාකච්ඡාවක් මේ දක්වා පවත්වා නොමැති බවද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon