ජල විදුලිය උත්පාදනයට අවශ්‍ය ජල මූලාශ්‍ර සියල්ල අවසන්වීමට ළඟයි

  👤  2726 readers have read this article !
By mawbima 2018-03-21

හර්ෂනී අර්සකුලරත්න

මේ වන විට ජල විදුලි නිෂ්පාදනය වෙනුවෙන් වන ජල මූලාශ්‍ර සියල්ල අවසන් වෙමින් පවතින බවත් ජල විදුලිබල නිෂ්පාදනයේ උපරිම මට්ටමට ශ්‍රී ලංකාව පැමිණ ඇති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

බේ‍රා්ඩ්ලන්ඩ්, මොරගොල්ල මෙන්ම සීතාවක ව්‍යාපෘතියද නිම කළ පසු ජල විදුලි නිෂ්පාදනය සඳහා යොදා ගත හැකි ජල මූලාශ්‍ර සියල්ලම අවසන් වන බවද හෙතෙම පැවැසීය. මේ වන විට කුඩා ජල විදුලි බලාගාර විශාල ප්‍රමාණයක්ද ස්ථාපිත කර අවසන් බවත් ඇමැතිවරයා එහිදී පැවැසුවේය.

එසේම ගෑස්වලින් විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා රුපියල් 40කට අධික මුදලක් වැය වන බව පෙන්වා දුන් ඇමැතිවරයා සඳහන් කළේ ජල විදුලිය සඳහා රුපියල් 4ක් වැනි අවම මිලක් වියදම් වන බවයි.

එදා විමලසුරේන්ද්‍ර මහතා ජල විදුලි නිෂ්පාදනය හඳුන්වා දීමට මෙරට යුද්ධයක් සිදුකළ බවද එවැනිම වටිනා සංකල්පයක් වන සූර්ය බල සංග්‍රාමය ජය ගැනීම තමා පාර්ලිමේන්තුවේ සිටියද අපහසු කරුණක් වී ඇතැයි ඔහු පැවැසුවේය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සූර්ය විදුලි පද්ධති ලබාදීමේ අවස්ථාව සඳහා පසුගියදා සහභාගි වෙමිනි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon