‘ජාත්‍යන්තර වනාන්තර’ දිනය අදයි

  👤  2940 readers have read this article !
By mawbima 2018-03-21

නලිනිකා ලක්ෂාණි

අද (21දා) ජාත්‍යන්තර වනාන්තර දිනයයි. මෙවර එහි තේමාව වනුයේ "වනාන්තර සහ තිරසර පුරවර" යන්නයි. නාගරික ජන දිවියේ ගුණාත්මක තත්ත්වය සහ පරිසරයේ තිරසර භාවය උදෙසා නිර්මිත පරිසරයට තුරුලියෙන් සමන්විත හරිත පරිසරය බද්ධ කිරීම මෙවර ජාත්‍යන්තර වනාන්තර දිනයේ අරමුණ වී ඇත.

ජාත්‍යන්තර වනාන්තර දින ජාතික උත්සවය අද (21දා) පෙරවරුවේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් කොළඹ මහ නගර සභා භූමියේදී පැවැත්වේ. මේ අවස්ථාවට සමගාමීව දිවයින පුරා නගර ආශ්‍රිතව රුක් රෝපණය කිරීමේ අරමුණින් දිසා වන නිලධාරීන්ගේ සහභාගිත්වය ඇතිව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම රුක් රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ වන විටත් කොළඹ මහ නගර සභාව විසින් නාගරික උද්‍යානයක් ලෙසට නම් කරනු ලැබ ඇති "කාක දූපත" නම් භූමි ප්‍රදේශය තවදුරටත් සංවර්ධනය කර විශාල තුරු වැස්මක් සහිත උද්‍යානයක් බවට නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ඇරැඹීමට නියමිතය. අද (21දා) ආරම්භ වන මේ සංවර්ධන ව්‍යාපෘති මේ වසර පුරාවටම ක්‍රියාත්මක වීමටද නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon